අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහනුවර-අම්පාර සිද්ධීන් පිළිබඳව අගමැති පසු විපරමක..!

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන අගමැතිට ඇමරිකාවෙන් ප්‍රසංසා

(සුජිත් මංගල ද සිල්වා) මහනුවර සහ අම්පාර ආශ්‍රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියා මාර්ග පිළිබඳවත්, ඉදිරියේ මෙවැනි සිද්ධීන් ඇති වීම වළක්වා ගැනීම පිළිබඳවත් අදහස් හුවමාරු…

                                                    (සුජිත් මංගල ද සිල්වා)

මහනුවර සහ අම්පාර ආශ්‍රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියා මාර්ග පිළිබඳවත්, ඉදිරියේ මෙවැනි සිද්ධීන් ඇති වීම වළක්වා ගැනීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමේ මූලික සාකච්ඡාවක් අද (19 වන දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අමාත්‍යවරුන්, මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වී සිටියහ.

දැන්වීම

නීති විරෝධී කටයුතුවල නිරත වූ පිරිස් සම්බන්ධයෙන් පොලීසිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. මෙතෙක් අධිකරණය හමුවට පමුණුවා ඇති චූදිතයන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කිරීමට අපේක්‍ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස ඉදිරියේ කරුණු හෙළි කෙරිණි.

අනාගතයේ මෙවැනි සිද්ධීන් වළකාලීම උදෙසා ජාතික මට්ටමේ ක්‍රියා මාර්ගයන් ගත යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

වන්දි ගෙවීම් පිළිබඳ කටයුතු කඩිනම් කරලීම හා දීර්ඝ කාලීන තිරසර සහජීවනය තහවුරු කරලීමේ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරලීම සඳහා මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡා වාරයක් කඩිනමින් ම සංවිධානය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

රාජ්‍ය පරිපාලන හා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජත් මද්දුමබණ්ඩාර, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න, නීතිපති ජයන්ත ජයසූරිය, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මහනුවර-අම්පාර සිද්ධීන් පිළිබඳව අගමැති පසු විපරමක..! | Lanka Newsweek