මහනුවර,දිගන සිද්ධිය ගැන ජනපති නියෝගයෙන් පරීක්ෂණ

(උපුල් බණ්ඩාර) මහනුවර , දිගන ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී වහාම ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලට නියෝග…
(උපුල් බණ්ඩාර)
මහනුවර, දිගන ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී වහාම ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ. එමෙන්ම ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී අති බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඉදිරියේදී ඇති විය හැකි ගැටුම් වැළැක්වීම සියලූ පාර්ශ්වයන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට ද ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලූ පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් උපදෙස් දී තිබේ.
මහනුවර දිගන තෙල්දෙණිය පොලිස් වසමේ අද (05) දහවල් ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගනු ලැබූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරමහතා කියා සිටියේ මේ ඇඳිරි නීතිය හෙට (06) උදේ 6 වන තුරු ක්‍රියාත්මක වන බවය.