මහඡන්දයේදී රට හදන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් ඉන්න සජබයට

අනුර දින්නේ අනුරගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර වටේ ඉන්න අයගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර එකක් කියද්දී ටිල්වින් තව එකක් කියන්නේ ඇයි..? දැන් බර ඔළුවට එනකොට කියපු එක නෙමෙයි කරන්නේ තුනෙන් දෙක ගැන එදා අනුර…
අනුර දින්නේ අනුරගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර වටේ ඉන්න අයගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර එකක් කියද්දී ටිල්වින් තව එකක් කියන්නේ ඇයි..? දැන් බර ඔළුවට එනකොට කියපු එක නෙමෙයි කරන්නේ තුනෙන් දෙක ගැන එදා අනුර කියපු කතාව අහන්න වටිනවා හැබැයි අපි රට හදන සම්පූර්ණ වැඩපිළිවෙළ හදලයි තිබුණේ මෙන්න කවුරුත් තවම හරියට කිව්වෙ නැති කතාව සජබ සභාපති ඉමිතියාස් හරියටම කියනවා
සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාකර් මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘මෙවර පැවැති ජනාධිපතිවරණයෙන් රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. රටේ සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳව ජනතාව තුළ තිබෙන කල කිරීම , විරෝධය සහ විශ්වාසභංගත්වය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව පිට කළා. ජනතාව ඡන්දය භාවිතා කළේ රටේ සාම්ප්‍රදායික දේශපාලනයට විරෝධය පල කරලා. ජාතික ජන බලවේගයට රට ගෙනියන්න වැඩපිළිවෙලක් , දක්ෂ කණ්ඩායමක් , දක්ෂ නායකත්වයක් සිටිනවා කියලා කල්පනා කරලා නෙවෙයි මෙවර ජනතාව ඡන්දය භාවිතා කළේ. කෙසේ නමුත් රට ගෙනියන්න සුදුසු වැඩපිළිවෙළ තිබෙන්නේ කොහේද , කණ්ඩායම , නායකත්වය තිබෙන්නේ කොහොද කියලා ජනතාව කල්පනා කළ යුතුව තිබෙනවා.