අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මලික් සමරවික්‍රම “lankanewsweek” ගැන අගමැතිට ගතු කියයි..!

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

“lankanewsweek” වෙබ් අඩවියෙන් තමාට අඛණ්ඩවම ප්‍රහාර එල්ල කරන බවට සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිලි කර තිබේ. ඊට…

“lankanewsweek” වෙබ් අඩවියෙන් තමාට අඛණ්ඩවම ප්‍රහාර එල්ල කරන බවට සංවර්ධන  උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ  පැමිණිලි කර තිබේ.

ඊට අමතරව මලික් සමරවික්‍රම මහතා “lankanewsweek” වෙබ් අඩවිය සහ එහි කර්තෘවරයා ඇතුළු  කර්තෘ මණ්ඩලය පිළිබඳව ද තොරතුරු සොයමින් සිටින බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කර සිටියේ මලික් සමරවික්‍රම මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

විවිධ දේශපාලන අරමුණු ඇතුළු න්‍යාය පත්‍ර වෙනුවෙන් ජන සමාජයේ ඕනෑම තරාතිරමක කිසිදු පුද්ගලයකුට පෞද්ගලික මට්ටමෙන් ප්‍රහාර එල්ල කිරීමට “සත්‍යයේ අවධානය පිණිස” යන තේමාව යටතේ “ප්‍රජා මාධ්‍යයක්” ලෙස ක්‍රියා කරන “lankanewsweek” වෙබ් අඩවියට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අපි අවධාරණය කර සිටිමු.

තහවුරු කෙරුණු සහ නිල තොරතුරු සාක්කි සහිතව  “lankanewsweek” වාර්තා කරන විට එමගින් ජන සමාජයේ යම් පුද්ගලයකුගේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා ද විවිධ දේශපාලන සහ මුල්‍ය ගනු දෙනු ද හෙළිදරව්වීම හේතුවෙන් ඔහු මහ සමාජයේත් දේශපාලන සමාජයේත් ජනමාධ්‍ය අභි මුවත් අසීරුතාවයට පත් වනවා නම් ඒ වෙනුවෙන් අපට කළ හැකි කිසිවක් නොමැති බව ද අපි තරයේ කියා සිටිමු.

එමෙන්ම උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සම්බන්ධ තවත් තොරතුරු රැසක් අප සතුව තිබෙන අතර ඒ තොරතුරු ද අපි ඉදිරිය්දී හෙළි කරන්නේ ජාතික දේශපාලනයේ යහ පැවැත්ම වෙනුවෙන් බවට ද අවධාරණය කර සිටිමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මලික් සමරවික්‍රම “lankanewsweek” ගැන අගමැතිට ගතු කියයි..! | Lanka Newsweek