අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මලික් සමරවික්‍රම-ක්‍රිෂාන්ත කුරේ හැරී ජයවර්ධනට පොල්ල තියයි..!

මලික් සමරවික්‍රම-ක්‍රිෂාන්ත කුරේ හැරී ජයවර්ධනට පොල්ල තියයි..!

“හිල්ටන්-හයට්” හෝටල් විකුණන්න චීන්නු හොයයි..! දේශීය ව්‍යාපාරිකයින්ට කෙණහිලි..! (සුජිත් මංගල ද සිල්වා) කොළඹ හයට් හෝටලය,හිල්ටන් හෝටලය සහ ලංකා හොස්පිටල් ආයතනය පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙන ඇති…

“හිල්ටන්-හයට්” හෝටල් විකුණන්න චීන්නු හොයයි..!

දේශීය ව්‍යාපාරිකයින්ට කෙණහිලි..!

මලික් සමරවික්‍රම-ක්‍රිෂාන්ත කුරේ හැරී ජයවර්ධනට පොල්ල තියයි..!

(සුජිත් මංගල ද සිල්වා)

කොළඹ හයට් හෝටලය,හිල්ටන් හෝටලය සහ ලංකා හොස්පිටල් ආයතනය පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව එම ආයතනවල බහුතර කොටස් රජය සතුව තිබියදී ඉතිරි කොටස් මිල දී ගෙන නිසි කළමනාකරණයක් යටතේ ලාභ උපයන ආයතන බවට පත් කිරීමට සුප්‍රසිද්ධ දේශීය ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධන මහතා රජයට දැනුම් දී තිබේ.

හැරී ජයවර්ධන මහතා දේශීය ව්‍යාපාරිකයකු වන නිසා ඔහුට එම අවස්ථාව ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ද එකඟතාවය පළ කර ඇති අතර එම ගනුදෙනුවලට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරා ඇත්තේ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාටය.

කෙසේ නමුත් ඊට අදාළව මූලික කටයුතු කසිවක් නොකර,මේ ව්‍යාපෘතිය එපා වන තුරු හැරී ජයවර්ධන මහතා ප්‍රධාන එම සමාගම් සමූහය මඟ හරිමින් සිටින මලික් සමරවික්‍රම මහතා හිල්ටන් හෝටලයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ද සමග එක්ව එම රාජ්‍ය ආයතන චීනයට විකුණා දැමීමට චීන ආයෝජකයින් සොයමින් සිටිති.

ඊට හේතු වී ඇත්තේ දේශීය ව්‍යාපාරිකයකුට මේ ආයතන පැවරීමෙන් රුපියල් කෝටි ගණනින් කොමිස් මුදල් ලබා ගැනීමට නොහැකි වන නිසා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් “lankanewsweek” සමග පැවසීය.

මලික් සමරවික්‍රම-ක්‍රිෂාන්ත කුරේ හැරී ජයවර්ධනට පොල්ල තියයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මලික් සමරවික්‍රම-ක්‍රිෂාන්ත කුරේ හැරී ජයවර්ධනට පොල්ල තියයි..! | Lanka Newsweek