අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..! ගාමිණී සෙනරත් එක්ක “Deal” කරලා..? (සුමුදු පෙරේරා) මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ…

ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..!

ගාමිණී සෙනරත් එක්ක “Deal” කරලා..?

 

(සුමුදු පෙරේරා)

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ  බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට   අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට  ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ  ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.

සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

කෙසේ නමුත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව එම චෙක් පත් ගිණුම් ගත කිරීමට පෙර  මලික් සමරවික්‍රම මහතා කර තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් එම චෙක් පත් සියල්ල ලබා ගැනීමය.

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂලා සමග ඒ කාලයේ සම්බන්ධතා පවත් වමින් සහ ගනු දෙනු කරමින් රටට ජනතාවට කර ඇති මහ පරිමාණ බදු වංචා වගේම එක්සත් ජාතික පක්ෂයට කර ඇති දේශපාලන විනාශයේ තරම යැයි එම අරලිය ගහ මන්දිරයේ  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා සිය රුපියල් කෝටි 35 ක බදු මුදල් වංචාවට අදාළව පැනවූ දඩ මුදල පිය වෙන ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ගාමිණී සෙනරත් මහතා මාර්ගයෙන් යළි ලබා ගත් චෙක් පත්වලින් කිහිපයක්  පහත දැක්වේ.

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..! | Lanka Newsweek