අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“මලික් පන්නා රංගේ ඇතුළට ගනු”

“මලික් පන්නා රංගේ ඇතුළට ගනු”

එජාපෙ නායකයින් සහ පසු පෙළ අගමැතිගෙන් ඉල්ලති..! මලික් සමරවික්‍රමට එරෙහි එජාප පසු පෙළ විස්ස දක්වා ඉහළ යයි..! අගමැති සියල්ල ගැන අවධානයෙන්..! (සුජිත් මංගල ද සිල්වා) දුෂණ,වංචා සහ අක්‍රමිකතා වගේම අභ්‍යන්තර…

එජාපෙ නායකයින් සහ පසු පෙළ අගමැතිගෙන් ඉල්ලති..!

මලික් සමරවික්‍රමට එරෙහි එජාප පසු පෙළ විස්ස දක්වා ඉහළ යයි..!

අගමැති සියල්ල ගැන අවධානයෙන්..!

“මලික් පන්නා රංගේ ඇතුළට ගනු”

(සුජිත් මංගල ද සිල්වා)

දුෂණ,වංචා සහ අක්‍රමිකතා වගේම අභ්‍යන්තර  දේශපාලන ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී සිටින මලික් සමරවික්‍රම මහතා ඔහුගේ අමාත්‍ය ධූරයෙන් පහ කර පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු  මන්ත්‍රී  පාලිත රංගේ බණ්ඩාර මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් වහාම ලබා දෙන්නැයි එම පෙරමුණේ නායකයින් ගණනාවක් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් දහ අට දෙනෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

මලික් සමරවික්‍රම මහතා දරන සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ , විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය ධූරයෙන් ඔහු පහ කර, එම අමාත්‍යංශය යටතේ පවතින ජාතික වගේම ජාත්‍යන්තර වශයෙන් අතිශය  වැදගත් ආයතන රටට, ජනතාවට, පක්ෂයට සේවයක් කළ හැකි ජනතාවගේ ප්‍රශ්න, අවශ්‍යතා සේම හද ගැස්ම හඳුනන පොළවේ පය ගසා සිටින උගත් බුද්ධිමත්මැති ඇමතිවරුන් අතර බෙදා හැරිය යුතු යැයි ද එම කණඩායම අවධාරණය කර සිටිති.

දුෂණ වංචා සහ අක්‍රමිකතා ද දේශපාලන කුමන්ත්‍රණ ද ජනතාවගේ ප්‍රශ්න අවශ්‍යතා වගේම හද ගැස්ම ද නොතකා එක්සත් ජාතික පක්ෂය සිය පෞද්ගලික බූදලයක් යැයි සිතා ක්‍රියා කරන සම රිසියකු වන මලික් සමරවික්‍රම මහතා සිය සමීපතම දේශපාලන සගයා ලෙස තව දුරටත් පිළි ගන්නේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන අනාගතයක් නොමැති බව  එම පක්ෂයේ ජෙය්ෂ්ඨ නායකයින් වගේම පසු පෙළ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

මේ සියලු කරුණු කාරනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා “lankanewsweek” සමග පැවසිය.

මේ අතර මලික් සමරවික්‍රම මහතාට එරෙහි එක්සත් ජාතික පෙරමුණු  පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම 20 දක්වා වැඩි වී තිබෙන අතර ඉදිරි අය වැය යෝජනාවලියට අදාළ ඡන්ද විමසීමේදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය අනුමත නොකර එම වැය ශීර්ෂය පරාජයට පත් කිරීම සඳහා ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමටද එම මන්ත්‍රීවරු තීරණය කර සිටිති.

මේ කරුණු කාරනා සම්බන්ධයෙන්  පසු පෙළ මන්ත්‍රීවරුන් සඳුදා (07) රැස් වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර බරපතළ තීන්දුවක් ගන්නා බව පැවසු හේෂා විතානගේ මහතා අඟහරුවාදා (08) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වන එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණඩායම් රැස්වීමේදී සටන ආරම්භ කරන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් “lankanewsweek” කළ අභ්‍යන්තර කරුණු සොයා බැලීමේදී හෙළි වුයේ, පාලිත රංගේ බණ්ඩාර මහතාට කැබිනට් ඇමති ධූරයක් ලබා දිය යුතුය යන ස්ථාවරයේ එම පෙරමුණේ සියලු නායකයින් සිටින අතර ඒ අතරින් බහුරතරයක් මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියා කලාපයට විරුද්ධ බවය.

මලික් සමරවික්‍රම මහතා පමණක් නොව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ විදේශ කටයුතු අමාත්‍ය ධූරය හොබ වන, රටත් ,පක්ෂයටත්, පාක්ෂිකයටත් කිසිදු වැදගත් කමක් නොමැති තමාගේ නීති උපදේශන සමාගම ගැන පමණක් සිතන “ඇවන්ගාඩ්”  සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී සිටින තිලක් මාරපන මහතාද එම අමාත්‍ය ධූරයෙන් වහාම පහ කර එම ධූරය සුදුස්සෙකුට පැවරිය යුතු යැයි පසු පෙළ මන්ත්‍රීවරුන්  වගේම එක්සත් ජාතික පෙරමුණේ  ජේෂ්ඨයෝ අවධාරණය කර සිටිති.

“මලික් පන්නා රංගේ ඇතුළට ගනු”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
“මලික් පන්නා රංගේ ඇතුළට ගනු” | Lanka Newsweek