අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මලික්ට පාඩමක් උගන්වන්න එජාප දේශපාලන මණ්ඩලය සැර සෙයි..!

මලික් - විමල් රහස් කතා හෙළිවේ. ඒකාබද්ධය කැළඹේ.

දේශපාලන මණ්ඩලයට බලහත්කාරයෙන් ඇවිල්ලා..! (සුජිත් මංගල ද සිල්වා) උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කිසිදු අවසරයකින් සහ අනු දැනුමකින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන…

දේශපාලන මණ්ඩලයට බලහත්කාරයෙන් ඇවිල්ලා..!

(සුජිත් මංගල ද සිල්වා)

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කිසිදු අවසරයකින් සහ අනු දැනුමකින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමට බලහත්කාරයෙන් සහභාගීවීම සම්බන්ධයෙන් එම මණ්ඩලයේ සභිකයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතියි.

මලික් සමරවික්‍රම මහතාගේ මේ ක්‍රියාකලාපය තරයේ හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ ඔහුගේ මේ ක්‍රියාව විනය සහ නීති විරෝධී දේශපාලන හැදියාවක් නොමැති  බාල ක්‍රියාවක් බවය.

මලික් සමරවික්‍රම මහතාට මෙසේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට එක් විය හැකි නම් ඒ සඳහා රහස් ඡන්දයකින් සභිකයින් තෝරා ගත්තේ කුමකට දැයි ප්‍රශ්න කළ ඔහු එසේ නම් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලු දෙනාටම පොදුවේ එම මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දිය යුතු යැයි ද අවධාරණය කළේය.

මලික් සමරවික්‍රම මහතාගේ මේ විනය සහ නීති විරෝධී දේශපාලන සදාචාරයකින් තොර අධිපතිවාදී ක්‍රියාකලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ  පසු පෙළ මන්ත්‍රීවරුන් ද එකට ඒකරාශී කර ගෙන හෙට අනිද්දාම හොඳ පාඩමක් උගන් වන බව ද එම ජ්‍යෙෂ්ඨ නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.

අරලිය ගහ මන්දිරයේ අද (24) පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ද මලික් සමරවික්‍රම මහතා එක්ව සිටි බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස  සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් නිල බලයෙන් මේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන අතර රංජිත් මද්දුම බණ්ඩාර,මංගල සමරවීර , ගයන්ත කරුණාතිලක,අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර,රුවන් විජය වර්ධන, අශෝක ප්‍රියන්ත , ඉරාන් වික්‍රමරත්න, අජිත් .පී. පෙරේරා සහ නවින් දිසානායක   යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට ඡන්දයෙන් තේරී පත්ව සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මලික්ට පාඩමක් උගන්වන්න එජාප දේශපාලන මණ්ඩලය සැර සෙයි..! | Lanka Newsweek