මලික්ගේ හොරකම් අල්ලන්න අල්ලස් කොමිසමට ජනපතිගෙන් නියෝග..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මලික්-සුජීව යුරෝ මිලියන 25 ක අල්ලස් ඉල්ලීමේ සිද්ධිය..! විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොට උඩ..! එජාප සංවිධායකවරුන්ගෙන් මලික්ට විරෝධය..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය…
මලික්-සුජීව යුරෝ මිලියන 25 ක අල්ලස් ඉල්ලීමේ සිද්ධිය..!
විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොට උඩ..!
එජාප සංවිධායකවරුන්ගෙන් මලික්ට විරෝධය..!
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශ රටවලට විකිණීමේ මහා පරිමාණ විදේශීය ආයෝජන ව්‍යාපෘතියට අවසර ලබාදීම සඳහා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන ඉතාලි සමාගමේ අයිතිකරුගෙන් සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එම රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන් යුරෝ මිලියන 25ක අල්ලසක් ඉල්ලුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මේ පියවර ගෙන තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දී තිබෙන නියෝගයකට අනුවය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පියවර ගෙන තිබෙන්නේ මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන් දෙදෙනා කොමිස් මුදල් සහ ව්‍යාපාර කොටස් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ මෙම විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රමාද කරන බවට එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය තමා වෙත කර ඇති ලිඛිත පැමිණිල්ලට අනුවය.
මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග එක්ව රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, සිය පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙසේ ක්‍රියා කිරීම රටේ සංවර්ධනය අඩාල කිරීමක් වන නිසා මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පරීක්ෂණයක් පවත් වන්න යැයි ද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසි දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් හිමි වන අතර එමගින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට නියමිතය.
මේ අතර මලික් සමරවික්‍රම මහතාට සහ තමාට එරෙහිව සිදු කෙරුණු මේ ලිඛිත පැමිණිල්ල මත පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නියෝග කිරීම සම්බන්ධයෙන් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා “සිරිකොත”එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අඟහරුවාදා (25) පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස විවේචනය කර තිබේ.
එහිදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඳුන්වා ඇත්තේ කෘත ගුණ නොදත් ගුණමකුවකු ලෙස වන අතර එම රැස්වීමට එක්වූ සංවිධායකවරුන් ගණනාවක් “lankanewsweek” සමග පැවසුවේ පක්ෂ පාට භේදයකින් තොරව ජනාධිපතිවරයා අල්ලසට,දුෂණයට සහ වංචාවට එරෙහිව ක්‍රියා කරද්දී ඔහු ගුණමකුවකු ලෙස හැඳින්වීම සාධාරණ නොවන බවය.
සුජීව සේනසිංහ මහතා මේ කතාව මේ රැස්වීමේදී කියද්දී එහි සිටි සංවිධායකවරුන් පිරිසක්,එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ මලික් සමරවික්‍රම මහතා බව කියමින් ඔහු දැඩි ලෙස විවේචනය කර තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ අල්ලස් ඉල්ලීමේ සිද්ධිය හෙළිවීමෙන් පසුව මලික් සමරවික්‍රම මහතා පක්ෂයේ කිසිවකු සමග මුහුණ දී කතා බස් නොකරන බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2