මලික්ගෙන් හරීන්ට බලපෑම්..!

හරීන් මලික්ට යට නොවෙයි..! එජාපයම අත හරියි..? (සුජිත් මංගල ද සිල්වා) විදේශ සේවා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විදේශ සේවා…
හරීන් මලික්ට යට නොවෙයි..!
එජාපයම අත හරියි..?
(සුජිත් මංගල ද සිල්වා)
විදේශ සේවා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විදේශ සේවා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට බලපෑම් එල්ල කරමින් සිටින බවට වාර්තා වෙයි.
මෙසේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට මලික් සමරවික්‍රම මහතා හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී තිබෙන්නේ, විදේශ සේවා අමාත්‍ය ධූරය යළි තලතා අතුකෝරාළ මහත්මියට ලබා දී ඇයගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය බව කියමිනි.
දැන්වීම
එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඊට දැඩි පළ කර ඇති හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දී තිබෙන්නේ මෙසේ බලපෑම් කළොත් තමා අමාත්‍ය ධූරයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂයෙන්ම ඉල්ලා අස් වී යන බවය.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ තලතා අතුකෝරාළ මහත්මියට එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරය ලබා දී මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ද යෝජනා වී ඇති නමුත් ඇයගෙන් මෙතෙක් ඒ සඳහා සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව ද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.