මර්දනයට එරෙහිව නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි

පුළුල් මහා ජන කතිකාවක් ඇති කරයි සටන කොළඹින් ඉරිදා (19) ඇරඹේ මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහා ජන කතිකාවක් ඇති කිරීමට විපක්ෂ නායක සහ…
පුළුල් මහා ජන කතිකාවක් ඇති කරයි
සටන කොළඹින් ඉරිදා (19) ඇරඹේ

මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහා ජන කතිකාවක් ඇති කිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.
මෙහි පළමු මහා ජන කතිකාවත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී ඉරිදා (19) සවස 3.00 ට ආරම්භ කෙරෙන අතර විපක්ෂ නායකවරයාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ සමගි නීතීඥ සම්මේලනය මෙම කතිකාවත සංවිධානය කර ඇත.
දැන්වීම
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකිරීම ඇතුළු අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව විධායකය මගින් සිදු කරන අනිසි සහ අනීතික බලපෑම් සම්බන්ධයෙන් රට-ජනතාව දැනුම්වත් කර එකට ඒකරාශී කිරීම මෙහි අරමුණ වේ.
මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කලක් මුළුල්ලේ සටන් කරමින් සිටින අතර මේ මහා ජන කතිකාවත එහි කූටප්‍රාප්තිය වේ.