අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මර්තුවෙන් පසු හදිසි මහා මැතිවරණයක්

මර්තුවෙන් පසු හදිසි මහා මැතිවරණයක්

පොහොට්ටුවට යකා නගියි සර්වාගමික නායකයින්ගෙන් ජනපතිට බලපෑම් 2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉහළම පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. 2023 වර්ෂයේ මාර්තු…

පොහොට්ටුවට යකා නගියි 

සර්වාගමික නායකයින්ගෙන් ජනපතිට බලපෑම් 

2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉහළම පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. 

2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව වත්මන් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති අතර ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ තිබේ. 

කෙසේ නමුත් හදිසි මහ මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිසේත් එකඟ නොවනු ඇති අතර පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

දැන්වීම

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ අවස්ථාවේදී  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහරින ලෙස වන නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මැතිවරණයයේදී ලැබුණු හැට නව ලක්ෂයේ ජන වරම මේ වන විට නියෝජනය වන නොවන බැවින් වහාම මහ මැතිවරණයකට යන්නැයි දේශපාලන පක්ෂ සේම සිවිල් සංවිධාන ද රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි.

රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදය හමුවේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් වැනි කෙටි කලක දී මහ මැතිවරණයකට යන්නැයි මහ නා හිමිවරුන් ප්‍රමුඛ සර්වාගමික නායකයෝ ද ජනාධිපතිවරයාගෙන් මීට ඉල්ලා සිටියහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මර්තුවෙන් පසු හදිසි මහා මැතිවරණයක් | Lanka Newsweek