අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මම ක්‍රීඩාවෙන් සමු ගන්නවා - 100% ක් විශ්වාසයි

මම ක්‍රීඩාවෙන් සමු ගන්නවා - 100% ක් විශ්වාසයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2022 පාපන්දු ලෝක කුසලානයට දින කිහිපයකට පෙර මාධ්‍යවේදී පියර්ස් මෝගන් සමගින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එම සම්මුඛ සාකච්ඡාව පාපන්දු ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මකම සම්මුඛ සාකච්ඡා වලින්…

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2022 පාපන්දු ලෝක කුසලානයට දින කිහිපයකට පෙර මාධ්‍යවේදී පියර්ස් මෝගන් සමගින් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එම සම්මුඛ සාකච්ඡාව පාපන්දු ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මකම සම්මුඛ සාකච්ඡා වලින් එකක්.

රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ එරික් ටෙන් හග් ව දැඩි ලෙස මෙම කතාබහේදී විවේචනය කරනවා. එක් අවස්ථාවක 2022 ලෝක කුසලානයේදී මෙහෙම වුණොත් කොහොමද කියලා පියර්ස් මෝගන් රොනාල්ඩෝගෙන් අහනවා,

පියර්ස් මෝගන් :- ඔබ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා. ආජන්ටිනාව සහ පෘතුගාලය. ඔබ ගෝල් 2 ක් ගහනවා. මෙසී ගෝල් 2 ක් ගහනවා. අවසාන විනාඩියේ දී ඔබ තුන්වෙනි ගෝලය ලබා ගනිමින් හැට්ට්‍රික් එක සම්පූර්ණ කරලා ලෝක කුසලානය ජය ගන්නවා. ඒකද ඔබේ සිහිනය? අවංකවම කියන්න. ඒකද සිහිනය?

දැන්වීම

රොනාල්ඩෝ :- කමෝන්, වෙන ක්‍රීඩකයෙක් ගෝලය ලබාගත්තොත් මට ඒක අදාලම නෑ. පෘතුගාලය අවසන් මහා තරගයට ඇවිල්ලා ගෝල් කීපර් ගෝලය ලබාගත්තත් මට අදාලම නෑ. කවුරු ගැහුවත් මම මේ ලෝකේ ඉන්න සතුටුම මිනිහා වේවි. හැබැයි ඔබ කියපු දේ සිද්ධ වුණොත් මම කියනවා එදාට මගේ පාපන්දු අවසන් කියලා.

පියර්ස් මෝගන් :- ඒ කියන්නේ එතනදී තමයි ඔබ සමු ගන්නේ?

රොනාල්ඩෝ :- මම ක්‍රීඩාවෙන් සමු ගන්නවා. 100% ක් විශ්වාසයි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට ලෝක කුසලාන සිහිනය 2022 වර්ෂයේ දී සැබෑවක් කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. ඒ මොරොක්කෝව හමුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලැබීම නිසා.

ඔහු 2026 වර්ෂයේදී අවසන් වතාවට තවත් එක් වරක් ලෝක කුසලානය වෙනුවෙන් උත්සාහ කරන්න සූදානම්. එවිට ඔහුගේ වයස අවුරුදු 41 ක්. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට තමන්ගේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාව ලැබෙයිද?

සැබැවින්ම ඔහු පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම යන මොහොත බවට එය පත් වෙයිද? තවත් අවුරුද්දකට අඩු කාලයකදී අපිට ඒ දේ දැකගන්න ලැබේවි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න