මනාප වෙනුවට අලියා මුල් කර ගෙන එජාපය සටනට බසී

ජවිපෙ ආදර්ශයට ගනී මැතිවරණ ව්‍යාපාරය නව මාධ්‍ය ඔස්සේ (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ, අපේක්ෂක අංක වෙනුවට "අලියා" ලකුණ මුල්…
ජවිපෙ ආදර්ශයට ගනී
මැතිවරණ ව්‍යාපාරය නව මාධ්‍ය ඔස්සේ
(සුජිත් මංගල ද සිල්වා)
COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වය හමුවේ, අපේක්ෂක අංක වෙනුවට "අලියා" ලකුණ මුල් කර ගෙන මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරිම කෙරෙහි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය වන "අලියා" ලකුණ පක්ෂය ආරම්භ වූ 1947 සිට දශක ගණනාවක් තිස්සේ නිදහස් ශ්‍රී ලංකාවේ පැවැති සියලුම මැතිවරණවලට ඉදිරිපත්ව ඇති නිසා එම ලකුණ ජනතාව අතරට අලුතින් ගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.
ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර පැවැති ඒ ඒ මැතිවරණවලට තරඟ කළ ආකාරයට මනාප පොරයට නොගොස් පක්ෂය, දර්ශනය සහ ලකුණ මුල් කර ගෙන මහ මැතිවරණයට ඉදිරිපත්විමට එක්සත් ජාතික පක්ෂය ද මෙවර සැලසුම් කර ඇත.
දැන්වීම
රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අන්තර් ජාල වෙබ් අඩවි, සාමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පමණක් මුල් කර ගෙන පැවැත්වීමට සිදු වන නිසා එම සියලු මාධ්‍ය ස්වාධිනව පවත්වා ගෙන යාමට මැදිහත් වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව පෞද්ගලික සහ රජයේ මාධ්‍ය අපක්ෂපාතිව කටයුතු කළ යුතු බවට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමට දැනුම් දීමට ද එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.
