අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මන්ත්‍රීවරුනගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු

මන්ත්‍රීවරුනගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු

ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නෑ මේ වතාවෙත් එහෙම ම තමයි; අපි දිනනවා රටේ ආර්ථිකය නවීකරණය කල යුතුයි රවී කරුණානායක දැඩි ස්ථාවරයක මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත්…

ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නෑ

මේ වතාවෙත් එහෙම ම තමයි; අපි දිනනවා

රටේ ආර්ථිකය නවීකරණය කල යුතුයි

රවී කරුණානායක දැඩි ස්ථාවරයක
 

මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී  මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බවත්, ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවත් රවි කරුණානායක පැවසී ය.

ඔහු මේ අදහස් පළ කළේ සිකුරාදා (31)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය. එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා ප්‍රකාශ කලේ මෙවරද කොළඹ මහා නගර සභාව ජය ගැනීමේ කිසිඳු ගැටලුවක් නොමැති බවයි. එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා මෙලෙසද  ප්‍රකාශ කරන ලදී.


‘‘වාහන ගෙන්වීම ආරම්භ කරනවා නම් ඒක රුපියල අවප්‍රමාණය නොවන විදිහට කටයුතු කළ යුතුයි. රාජ්‍ය නිලධාරින් මේ අවශ්‍යතාව තේරුම් ගෙන උපරිම මිල පරාසයකට මේක ගේන්න ඕනෙ. බදු නොගෙවීම ලොකු ප්‍රශ්නයක්. මම ඉදිරිපත් කරනව මේ බදු ගෙවීම ඩිජිටල් කරන්න කියන යෝජනාව. රජයේ දක්ෂ නිලධාරින්ගෙන් මේක කරා නම් මේ රටේ ආදායම නියත වශයෙන් වැඩි වෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට යන්න පුළුවන් නවීකරණය මගින් තමයි. තාක්ෂණය මගින් දුෂණය නැති වෙනවා. මම හිතන්නේ මේ දේවල් තමයි කරන්න ඕනෙ. මේ ආණ්ඩුවෙ දැන් අයවැය ඉදිරිපත් කරයි. ජනතාවගේ ආදායම් ඉදිරියට ගෙනියන අයවැයක් හදයි කියල බලාපොරොත්තු වෙනවා. තරුණ තරුණියො එකතු කරල අපි ව්‍යසායකයෝ හදන්න ඕනෙ. ආර්ථිකය ප්‍රසාරණය තුළින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්."

දැන්වීම

එම අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප්‍රශ්න සඳහා රවි කරුණානායක මහතා මෙලෙස පිළිතුරු ලබා දෙන ලදී.

කන්ටේනර් එළියට ගිය කතාව ගැන මොකද කියන්නේ ?

යම් නම් ඉදිරිපත් කරල තියනව. ඒ පරික්ෂණ අවසන් කරන තුරු අපි එක එක උපකල්පන ඉදිරිපත් කරන එක හොඳ නෑ. වරායේ තියන ප්‍රශ්නෙ තමයි, පැය 24 වැඩ කරන්න ඕන කියල ආණ්ඩුව කියනවනං කරන්න ඕනෙ.

විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඔබතුමා ඉදිරිපත් කිරීම ගැන ඔවුන් මොනව කියයිද ?

නැත්තං කොහොමද මේක හදන්නේ. ඒ ගොල්ලො ආවෙ එපා කියලනෙ. ඇවිල්ල අපි නැති කරනව කියල කිව්වනං ඒක  කරන එක ගැන දෙවියෝ තමයි බලන්න ඕනෙ මම මේක ඉදිරිපත් කලේ නැත්නම්. ජනතාව කියපු දේ තමයි අපි මේ කරන්නේ. අපි මේ අවස්ථාව උපයෝගි කරගෙන හරි දේ තමයි කරන්න ඕනෙ. මන්ත්‍රී රස්සාව කරනව අවුරුදු පහක්. වෙන එකක් කරන්න බෑනෙ. මෙතන ආදායම් හොයන්න එන්න එපා. එහෙනං දේශපාලනයට එන්න එපා. මම හිතනව 225 ම මේකට සහය දෙයි කියල. අනික මං හිතන්නේ දේශපාලන වේදිකාවේ කියන එක හැබෑවට කරන්න පුළුවන් පිරිසක්  ඉන්න ඕනෙ.

එකතු වීමක් පිළිබඳව සාකච්චා මට්ටමේ යනව පක්ෂ මට්ටමින් දැන් කොහොමද ඒක?

හැම දෙනාගෙම හදවත් වලට එකඟව එකට එකතු වෙලා කරන්න පුළුවන් වෙන්න ඕන මේ දේ. රනිල් වික්‍රමසිංහ මහත්තය පුළුල්ව හිතල වැඩ කරයි. නමුත් එයා ගාව ඉන්න දෙන්නෙක් ඒක කරන්න දෙන්නෙ ‍නෑ. මම එතුමා එක්ක කතා කරා. එයා ගාව ඉන්න වන්දි බට්ටයො තමයි මේ පක්ෂය කඩන්නේ. එකතු වෙන්න ඕනෙ ගෞරවය තුළින්. මේ රටේ අපි හිතන විදිහට අවුරුදු 77කට  පස්සේ රට ඉලක්ක කරල මේක හදමු. නුල් සූත්තර කාරයොත් එක්ක සජබෙ එකතු කරන්න බෑ. ඒ වුනාට මම ඒක කරනව.

වසර ගණනක් කොළඹ නගර සභාව තිබුණෙ එක්සත් ජාතික පක්ෂය යටතේ. මේ වතාවෙ කොහොම වෙයි ද?

මේ වතාවෙත් එහෙම ම තමයි; අපි දිනනවා. ඒක අපි එකතු වෙලා කරනවා. මෙතනදි එජාපය සජබෙ එතකු වෙලා කරන්නේ. මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහ පස්සේ ඉන්න එජාපයේ ජ්‍යේෂඨතම පුද්ගලය. සජබයයි -  එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෙ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. 

(අචින්ත මධුර)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න