අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මධ්‍යම පළාත්ත් ආණ්ඩුකාරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ

මධ්‍යම පළාත්ත් ආණ්ඩුකාරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ

"මධ්‍යම පළාත්ත් ආණ්ඩුකාරවරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ,කොහෙන් පහත් වුණා ද දන්නේ නෑ, කුණ්ඩසාල මන්ත්‍රීවරයන් දෙපළක් සභාවේ සභාපති ගැන පැමිණිලි කරන්න ගියාම පැමිණිල්ල බාර දෙන්න ගිය ලියූමෙන්ම දමා ගසලා" යැයි…

"මධ්‍යම පළාත්ත් ආණ්ඩුකාරවරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ,කොහෙන් පහත් වුණා ද දන්නේ නෑ, කුණ්ඩසාල මන්ත්‍රීවරයන් දෙපළක් සභාවේ සභාපති ගැන පැමිණිලි කරන්න ගියාම පැමිණිල්ල බාර දෙන්න ගිය ලියූමෙන්ම දමා ගසලා" යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටී අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවැසීය. 

"මම විශේෂයෙන්ම අද කතා කරන්න නැගිට්ටෙ අකමැති කාරණාවක් ගැන.වර්තමානය වන විට පළාත් සභා අක්‍රිය කරලා තියෙන්නේ.පළාත් සභාව තියන්න ඕන කියන මතයේ  තමයි අපි හිටියේ.පලාත් සභා ඇති කරන්න ඕනේ,ඒ නීතිය සම්මත කරන්න ඕනේ.බලය බෙදන්න ඕනි, පළාත් සභා තියන්න ඕනේ.13 ට වඩා එහාට ගිය බලය බෙදීමකට අපි පක්ෂයි.

දැන් අද පළාත් සභාව නෑ.ආණ්ඩුකාරවරුන් තමයි වැඩ කටයුතු කරන්නේ.එතකොට ආණ්ඩුකාරවරයාගේ වැරදි කතා කරන්න තැනක් නෑ.අකමැත්තෙන් හරි මට කියන්න වෙනවා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපය ගැන.අපේ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන් දෙපලක්, පොඩිමැණිකේ අභයසිංහ සහ දීපිකා ඒකනායක මේ දෙන්නා ගියා පළාත් පාලන කොමසාරිස් වරයා හම්බවෙන්න කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අක්‍රමිකතා ගැන කියන්න.පළාත් පාලන කොමසාරිස් වරයා පරීක්ෂණ කරලා කිව්වා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා අක්‍රමිකතා සිදු කරලා තියෙනවා කියලා.ලිපියකින් ඒ බව දැනුම් දුන්නා.ඒ ලිපියත් අරගෙන මේ මන්ත්‍රීවරියන් දෙපළ ආණ්ඩුකාරවරයා හම්බවෙන්න ගියා.ආණ්ඩුකාරවරයා මධ්‍යස්ථ පුද්ගලයෙක් වෙන්න ඕන.එතුමාට මේ ගැන කිව්වම මොකක්ද කෙරුවෙ? මන්ත්‍රීවරියන් දෙපළ ලියුම දුන්නාම මන්ත්‍රීවරයන්ගේ අතට බලපෑමක් වන ආකාරයෙන් ලියුම ඇදලා අරගෙන පොඩි කරලා ඒ අයගේම ඇඟට විසිකෙරුවා.මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරියන් විසින් පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා.මේ ආණ්ඩුකාරවරයා කොහෙන් පාත් උනාද අපි දන්නේ නෑ.හැබැයි මහනුවරට ගැලපෙන පුද්ගලයෙක් නෙවෙයි.මහනුවරට ආපු සෑම ආණ්ඩුකාරවරයෙක්ම දන්ත ධාතුන් වහන්සේගේ ආභාෂය නිසා තැන්පත් වුණා,සීලාචාර වුණා,නමුත් මේ ආණ්ඩුකාරවරයා නම් මහනුවරට කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ.නව ආණ්ඩුකාරවරු පත් කරන්න රජයේ සැරසෙනවා,මේ මන්ත්‍රීවරියන්ගේ පැමිණිල්ල පිලිබඳවත් සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.

අරගලයට කලින් පාර්ලිමේන්තුවේ හිතුවක්කාර ආකාරයට තමයි කටයුතු කරේ.විපක්ෂයක් ඉන්නවද කියලා බැලුවේ නෑ.හිතුවක්කාර විදිහට තුනෙන් දෙකේ බලයෙන් පනත් ගෙනල්ලා කිසිම සංවාදයක් නැතුව සම්මත කෙරුවා.20වැනි සංශෝධනය ගේනකොට අපි කිව්වා මේක කරන්න එපා කියලා.19වැනි සංශෝධනයෙන් උසස් ආයතන වලට,අධිකරණය ,රාජ්‍ය සේවයට අපි ස්වාධීනත්වයක් දීලා තිබුණා.නමුත් මේ අය 20වැනි සංශෝධනය යටතේ සියලු රාජ්‍ය ආයතන ජනාධිපතිවරයා යටතට පැවරුවා.20වැනි සංශෝධනය අපි දැක්කෙ වත් නෑ,හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥ වරු කීපදෙනෙක් එකතුවෙලා ව්‍යවස්ථාව හදලා එකපාරට පාර්ලිමේන්තුවට දැම්මා.කතානායකතුමා,නිලධාරීන් එකතුවෙලා මන්ත්‍රී කරලා ආංශික අධීක්ෂණ කාරක සභා අත් හිටෙව්වා .මේ වගේ හිතුවක්කාර විදියට වැඩ කරේ.විපක්ෂයට දෙන්න තිබුණු මුදල් කාරක සභාව ආණ්ඩුවට දුන්නා.මොකක්ද ඒ අය කරේ අවුරුදු දෙකක් රටේ මුදල් තත්වය හැංගුවා.අපි බලය ලබා දෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 7800 සමගයි රට භාර දුන්නෙ.පසුගිය වසරේ මැයි මාසයේ මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට අවම තමයි අපි දැනගත්තේ ඒ මුදල ඩොලර් මිලියන 20ට බැහැලා කියලා.මේ ඔක්කොම හැංගුවා.අවසානයේ මුළු රටම බංකොලොත් කෙරුවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මධ්‍යම පළාත්ත් ආණ්ඩුකාරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ | Lanka Newsweek