අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මධ්‍යම අධි වේගයේ දෙවන අදියර ගැන අගමැතිගෙන් සභානායකට පැසසුම්..!

මධ්‍යම අධි වේගයේ දෙවන අදියර ගැන අගමැතිගෙන් සභානායකට පැසසුම්..!

2019 අගෝස්තුවේ දෙවන අදියර ජනතා අයිතියට..! දේශීය කොන්ත්‍රාත්කරුවන් නිසා 50%ක් ඉතිරි වෙලා..! චීන සමාගමේ පළමු අදියර ඉබි ගමනේ..! (සුජිත් මංගල ද සිල්වා) දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදා ගනිමින් ඉදි කෙරෙන…

2019 අගෝස්තුවේ දෙවන අදියර ජනතා අයිතියට..!

දේශීය කොන්ත්‍රාත්කරුවන් නිසා 50%ක් ඉතිරි වෙලා..!

චීන සමාගමේ පළමු අදියර ඉබි ගමනේ..!

මධ්‍යම අධි වේගයේ දෙවන අදියර ගැන අගමැතිගෙන් සභානායකට පැසසුම්..!

(සුජිත් මංගල ද සිල්වා)

දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදා ගනිමින් ඉදි කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස 2019 අගෝස්තු මාසය වන විට ජනතා අයිතියට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

කෙසේ නමුත් චීන සමාගමක් මගින් සිදු කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදි කිරීම් මේ වන විටත් සිදු කෙරෙන්නේ ඉතාම මන්දගාමීවය.මුල් සැලසුම් අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරයේ ඉදිකිරීම් කටයුතු ද භාර දී  තිබුණේ ද විදේශීය සමාගමක් වෙතය.

කෙසේ නමුත් චීන සමාගමක් මගින් සිදු කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරයේ ඉදි කිරීම් කටයුතු ඉතාම මන්දගාමීව සිදු කෙරෙන තත්ත්වය හමුවේ කිලෝ මීටර් 40කින් යුතු එම මාර්ගයේ දෙවන අදියරයේ ඉදි කිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන් දහසය දෙනකුට පැවරුණේ එවකට  මහා මාර්ග අමාත්‍යවරයාව කටයුතු කළ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දැඩි තීරණයක් මතය.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක ප්‍රධාන ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මෙසේ පැවරුණේ පළමු වතාවට වන අතර එමගින් රජයට 50%ක ඉතිරියක් කර ගැනීමට ද හැකි වී තිබේ.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු  45%කට අධික ප්‍රමාණයකින් මේ වන විට අවසන් වී තිබෙන අතර මෙම අදියර කඩිනමින් නිමා වීමත් සමඟ ප්‍රධාන මාර්ගයේ තදබදය මඟ හැර මීරිගම-කුරුණෑගල හරහා මහනුවරට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් බිහි වේ.

ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම දෙවන අදියර භාවිතා කරමින්  සාමන්‍ය මාර්ගයේ ගමන් කරනවාට වඩා පැය 1 ½ ක් පමණ අඩුවෙන් මහා නුවරට ළඟා වීමට මගී ජනතාවට හැකිවේ.මධ්‍යම අධිවේගී මාර්ගය වැඩ කටයුතු  සම්පූර්ණයෙන් අවසන්වීමෙන් පසුව  කොළඹ සිට මහනුවරට පැයකින් ළඟා වීමට මගී ජනයාට හැකි වනු ඇත.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් පසුව මහා මාර්ග අමාත්‍ය ධූරයට පත් එක්සත් ජතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාගේ ඍජු අධීක්ෂණය,උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වන විට සාර්ථකව ඉදිරියට යන අතර මේ සියලු වැඩ කටයුතු සඳහා මහා මාර්ග අමත්‍යංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියේ ද,මඟ නැගුම මාර්ග සංවර්ධන උපකරණ සමාගමේ වගේම මඟ නැගුම උපදේශන සහ ව්‍යපෘති කළමනාකරණ සමාගමේ ද පූර්ණ දායකත්වය හිමිව තිබේ.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කිරීම සහ එහි දෙවන අදියරයේ ඉදි කිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී රජයට 50%ක පමණ ඉතිරියක් ද කර දෙන අතර ව්‍යාපෘතිය ප්‍රමිතියෙන් යුතුව කඩිනම් ද කරමින් ලබා දුන් ආදර්ශය සම්බන්ධයෙන් මහනුවර,පාතදුම්බර පැවති රැස්වීමකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත සිය ස්තුතිය ද පුද කළේය.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මධ්‍යම අධි වේගයේ දෙවන අදියර ගැන අගමැතිගෙන් සභානායකට පැසසුම්..! | Lanka Newsweek