අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මද්‍රව්‍ය හා අයුධ සමඟ 8ක් දැලේ

මද්‍රව්‍ය හා අයුධ සමඟ 8ක් දැලේ

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 5ක් සහ…

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 5ක් සහ කඩු 5ක්, උණ්ඩ 16 ක්, හෙරෝයින් සහ ගංජා ද සිය භාරයට ගත් බවයි.

මෙහෙයුමෙන් මහනුවරට මහ පරිමාණයෙන් ගංජා සපයන ප්‍රධාන සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 30 - 45 යන වයස්වල පසුවන වැලිකන්ද කතරගම සහ නුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අද අලුයම මෙම පිරිස මහනුවර ,පුෂ්පදාන මාවතේ බහිරවකන්ද ආසන්නයේදී අත්තඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි ද එම ජ්‍යෙෂ් නිලධාරියා සඳහන් කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මද්‍රව්‍ය හා අයුධ සමඟ 8ක් දැලේ | Lanka Newsweek