අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මත කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු

කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලි ග‍්‍රෑම් 2710 ක් ළඟ තබා ගෙන මීටියාගොඩ, මගවෙල ප‍්‍රදේශයේ ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 ජනවාරි මස 04 වන දින දක්වා රක්ෂිත…

(ජයකාන්ත ලියනගේ)

හෙරොයින් මිලි ග‍්‍රෑම් 2710 ක් ළඟ තබා ගෙන මීටියාගොඩ, මගවෙල ප‍්‍රදේශයේ ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 ජනවාරි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය සිකුරාදා  (29)  නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මගවෙල, මීටියාගොඩ ලිපිනයේ පදිංචි රාජපක්ෂ මනික්කුවානන්දි අනුර වසන්ත (37) නැමැති අයයි.

දැන්වීම

මීටියාගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී හෙරොයින් තොගය හමු වී තිබේ. සැකකරු ජාවාරම් කිරීම සදහා හෙරොයින් රැගෙන එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත් වන බව මීටියාගොඩ පොලීසිය කියයි.

මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මත කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු | Lanka Newsweek