අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මත් රකුසන් මර්දනය කරන්න ජනපති පෙරමුණ ගනී

මත් රකුසන් මර්දනය කරන්න ජනපති පෙරමුණ ගනී

විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකාය වහාම පිහිටු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව කැබිනට්…

විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකාය වහාම පිහිටු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා  (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, උසස් අධ්‍යාපන ආයතනවල සහ පාසල්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සඳුදා (12) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවක් සිදු වූ බව ය.

දැන්වීම

"රටේ අනාගත පරම්පරාව විශාල ලෙස විනාශ කිරීම සඳහා කෙටි කාලීන දැවැන්ත මෙහෙයුමක් කුමන හෝ ආකාරයකින් ක්‍රියාත්මක වෙලා තිබෙන බව තමයි කැබිනට් මණ්ඩලයේ සමාජිකයින්ගේ අදහස බවට පත් වුණේ.

මේ නිසා විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකායක් පිහිටුවන්නට ජනාධිපතිවරයා කලින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකායක් ලෙස සංශෝධනය කරලා කඩිනමින් පිහිටු වන්න කියා අධිකරණ ඇමතිතුමාට සහ රාජ්‍ය ආරක්ෂාව භාර ඇමති ටිරාන් අලස් මහතාට විශේෂ උපදෙසක් ලබා දුන්නා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න