මත් උවදුරෙන් රට බේරා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 ම එක් විය යුතුයි

මත්පැන් සහ මත්ද්‍රවය භාවිතයෙන් රට-ජනතාව සහ අනාගත පරපුර මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 225 ම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව මත් රකුසා පරාජය කළ හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…
මත්පැන් සහ මත්ද්‍රවය භාවිතයෙන් රට-ජනතාව සහ අනාගත පරපුර මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 225 ම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව මත් රකුසා පරාජය කළ හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කර සිටියේ, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව රැස්වු අවස්ථාවේ දී ය.
VIP වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපලින් රත්රන් ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමෙින්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ මත්පැන් සහ මත්ද්‍රවයවලට එරෙහිව ද පාර්ලිමේන්තුවේ 225 ම එක මතයකට පැමිණෙන්නේ නම් මත් උවදුරෙන් රට-ජනතා සහ අනාගත පරපුර බේරා ගත හැකි යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දැන්වීම
එසේම දුම්කොළ, දුම්වැටි සහ මධ්‍යසාර සම්බන්ධ බදු ගැන කතා කරන විට මහා පරිමාණ දුම්කොළ, දුම්වැටි සහ මධ්‍යසාර ව්‍යාපාරිකයන් මෙම බදු සකස් කරන නිලධාරීන් අල්ලා ගෙන සිටින බවත් කවුරුන් බලයට ආවත් එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.
නිලධාරීන් සුළු පිරිසක් මෙම සමාගම්වල අතකොලු බවට පත්ව ඇති නිසා බදු සකස් කිරීමේ ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක නොවන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමෙින්තුවේ 225 ම එකට එකතු වුව හොත් මෙම ක්‍රමය බිඳ හෙළා මත්පැන්, දුම්කොළ සහ දුම්වැටිවලින් තොර සමාජය ක් නිර්මාණය කළ හැකි බව ද අවධාරණය කළේය.
තවද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එළියේ සිටිනවාට වඩා සිරගෙයි සිටින විට වැඩිපුර ජාවාරම සිදු කරන බැවින් මොවුන්ට විරුද්ධව සිංගප්පූරුවේ ගන්නා ක්‍රියාමාර්ග ගනිමින් දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් ඒ ඔස්සේ පාසල් පද්ධතිය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.