මත්පැන් බලපත්‍ර ලබා දීමේ සූදුව ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම බලපත්‍ර අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් විධිමත් සැලසුමකින්…
මත්පැන් බලපත්‍ර ලබ දීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම බලපත්‍ර අල්ලසක් ලෙස ලබා දෙන බවත් අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් විධිමත් සැලසුමකින් තොරව මත්පැන් අලෙවිසැල් ආරම්භ කිරීම නිසා බොහෝ මහ ජන කැළඹිලි පසුගිය කාලයේ සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආගමික සිද්ධස්ථාන අසල මත්පැන් බලපත්‍ර ලබා දීම සිදු වන බවත් මේ ක්‍රියාවලිය දේශපාලන සූදුවක් බැවින් මේ ගැන රජයේ පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (14) ස්ථාවර නියෝග 27 (02) යටතේ ප්‍රශ්න කරමින් සඳහන් කළේය.
2022 ජූලි මස සිට මේ දක්වා මත්පැන් අලෙවිය සදහා බලපත්‍ර ලබා ගැනීමට ලැබුණු ඉල්ලීම් ප්‍රමාණය සහ ඒ සම්බන්ධ තොරතුරුත් මෙම ආයතනවල අධ්‍යක්ෂකවරුන් සම්බන්ධ තොරතුරුත් දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ඉල්ලීම් අතරින් බලපත්‍ර ලැබුණු අය සම්බන්ධ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
දැන්වීම
එසේම මේ මත්පැන් බලපත්‍ර ලබා දීමේදී සලසා බැලු නිර්ණායක සහ ප්‍රතික්ෂේප වූ ඒවා කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මත්පැන් බලපත්‍ර දේශපාලන සූදුවේ නියැලි සිටින අය කවුරුන්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මත්පැන් බලපත්‍ර හිමි පුද්ගලයන් සහ ආයතන ගෙවිය යුතු බදු වර්ගත් එම බදු වර්ග අය කරන ආයතන සහ එම මත්පැන් සමාගම් 2023 වසරට අදාළව ගෙවිය යුතු බදු නිවැරදිව ගෙවා ඇද්ද සහ එසේ ගෙවූ බදු මුදල් 2022 වසරට සාපේක්ෂව වැඩි වීමක් හෝ අඩුවීමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
මෙම මත්පැන් ආයතන බදු පැහැර හැර තිබේ නම් එම හිග බදු ප්‍රමාණය ආදියත් එසේ බදු ගෙවීම පැහැර හැරීමට හවුල් කවුද කියා දැන ගැවීමට අවශය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.