අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මඩවලින් නොව හැකි නම් වැඩවලින් ගහලා පෙන්වනු

මඩවලින් නොව හැකි නම් වැඩවලින් ගහලා පෙන්වනු

රට ගොඩ ගන්න පුළුවන් සජබයට විතරයි ලෝකය සමග බද්ධ වූ කණ්ඩායමක් සිටින්නේ සජබයේ විතරයි රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි…

රට ගොඩ ගන්න පුළුවන් සජබයට විතරයි 

ලෝකය සමග බද්ධ වූ කණ්ඩායමක් සිටින්නේ සජබයේ විතරයි 

රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමා සමඟ සිටින බවත් එම නිසා එම කණ්ඩායම විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති හෙයින් ඔවුන් සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එසේ ම සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන විට සමාජවාදය ගැන කයිවාරු ගසන ඇතැම් දේශපාලන කණ්ඩායම් සිය පක්ෂයට සහ තමාට අපහාස උපහාස කරමින් දේශපාලන මඩ ප්‍රහාර එල්ල කරන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා තමා ඔවුන්ට කියා සිටින්නේ එවැනි දේ නොකර විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන්, පාසල් දු දරුවන් වෙනුවෙන් සහ මව්වරුවන් වෙනුවෙන් තරඟයට වැඩ කිරීමට එක් වන ලෙස ඉල්ලා සිටින බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ "සක්වල" වැඩ සටහන යටතේ රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින්ය. 

දැන්වීම

මේ රටේ සම්ප්‍රදාය වී ඇත්තේ ජනතාවට සේවය කිරිමට නම් රාජ්‍ය බලය අවැසි යැයි සිතීම බවත් එසේ රාජ්‍ය බලය ලැබුණු විට ජනතාවගේ බදු මුදල් සංවර්ධනයේ නාමයෙන් බෙදා හැරීම වසර 74ක් පුරා සිදු වූ බවත් එසේ ම විපක්ෂය සිදු කළේ කෙසේ හෝ බලය ලබා ගැනීමට වෙහෙසීම විනා ජනතාව වෙනුවෙන් සේවය කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මේ ක්‍රමය වත්මන් විපක්ෂය වෙනස් කළ බවත්, ජනතාව ඉල්ලා සිටී "System Change" හී ප්‍රධාන ලක්ෂණ දෙක වන්නේ "සක්වල" සහ "හුස්ම" වැඩ සටහන බවත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය පවා බංකොලොත් වී ඇති මොහොතක එම අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ඉල්ලීම් ඉටු කරන්නේ වත්මන් විපක්ෂ බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට නම් ඩොලර් අවැසි බවත් ඒ සඳහා වර්තමානයේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් කියා සිටියේය.

අන්තර් ජාලය යහපත් අයුරින් භාවිත කර තොරතුරුවලට, දත්තවලට සහ විද්‍යාට ප්‍රවේශය ලබා දී සුහුරු සිසුවා, සුහුරු පුරවැසියා නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා සමහර පාසල් 2022 වසරේ දී ප්‍රවාහන වියදම් සඳහා මිලියනයකට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවත් නමුත් මේ බස් රථ පරිත්‍යාග කිරීමෙන් ඉදිරියේ දී එම මුදල් පවා දෙමාපියන්ට ඉතිරි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

එසේ ම ආණ්ඩු විසින් පාසල් සඳහා ගොඩනැගිලි ලබා දුන්නත් ඒවා රැක ගැනීම-නඩත්තු කිරීම ආදිය සිදු නොවන බවත් මේ නඩත්තුව සහ පවත්වා ගැනීම වසරක් පාසා සිදු විය යුතු බවත් ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පැවැතිය යුතු බවත් මේ චින්තනය ජනතාව අතර සේම රාජ්‍ය පාලනයේත් ඇති විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න