මඩකලපු දූ දරුවන් අමතක නොකළ විදේශ සේවා කාර්යාංශය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මඩකලපුවේ විගමනික ශ්‍රමික දූ දරුවන් 630කට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව සහ වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණ. ජය ගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ…
මඩකලපුවේ විගමනික ශ්‍රමික දූ දරුවන් 630කට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව සහ වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණ.
ජය ගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්හට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදු විය.
මෙහිදි දූ දරුවන් 321කට ශිෂ්‍යත්ව සහ දූ දරුවන් 309කට වටිනා පාසල් උපකරණ ප්‍රදානය කෙරුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1