මජර දේශපාලන සංස්කෘතියට තිත තැබීමට එක් වනු..!

බලය දෙන්නේ රට හදන කඳවුරට ද, නැති නම් වනසන කඳවුරට ද කියා ජනතාව තීරණය කළ යුතුයි..! මුළු රටම කඳවුරු දෙකකට බෙදී ගොස් අවසන්..! (සුජිත් මංගල ද සිල්වා) රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු…
බලය දෙන්නේ රට හදන කඳවුරට ද, නැති නම් වනසන කඳවුරට ද කියා ජනතාව තීරණය කළ යුතුයි..!
මුළු රටම කඳවුරු දෙකකට බෙදී ගොස් අවසන්..!
(සුජිත් මංගල ද සිල්වා)
රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු පාර්ශවයන්ගේ ජාතික වගකීම සහ කාර්යභාරය වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි.
රට මේ වන විට කඳවුරු දෙකකට පැහැදිළිව බෙදී අවසන් වී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරණයේදී ජනතාව තීරණය කළ යුත්තේ රටේ පාලන බලය රට විනාශ කරන කඳවුරට ලබා දෙනවාද, නැතිනම් රට විනාශ කරන කඳවුරට ලබා දෙනවාද යන්න පිළිබඳව යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ එම පෙරමුණේ මුලස්ථානයේ සිකුරාදා (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
දැන්වීම
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කතාබහ ඇතිවෙලා තිඛෙනවා. මේ වනවිටත් මහින්ද රාජපකෂ කණ්ඩායමෙන් ගෝඨාභය රාජපකෂ අපේකෂකයා ලෙස ඉදිරිපත් වී තිඛෙනවා. අපේකෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරිව එජාපය අර්බුදයක ඉන්නවා. රනිල්ද, සජිත්ද, කරුද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නවා. ඒ අතර දැන් සමාජයෙන් මතුවෙන යෝජනාවක්ද තිඛෙනවා. 2015දී මහින්ද රාජපකෂ කඳවුර පරාජය කළ බලවේග අතර කතාබහක් තිඛෙනවා, ගෝඨාභය රාජපකෂ පැමිණීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට පත්වෙන නිසාත් ඒකාධිපතිත්වයකට රට ගමන් කළ හැකි නිසාත් එයට එරෙහිව එක පෙරමුණක් ලෙස පොදු අපේකෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා. අපිත් හිතනවා මහින්ද රාජපකෂ කඳවුරේ දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි කියලා. එසේ කළ යුත්තේ ගෝඨාභය නිසා නොව මහින්ද රාජපකෂ කඳවුර නියෝජනය කරන දුෂ්ට දේශපාලන සංස්කෘතිය නිසයි.
රාජපකෂ දේශපාලන කඳවුර නියෝජනය කරනු ලබන්නේ නීතිය නොසලකන පිරිසක්. දූෂිතයින් පිරිසක්. දේශපාලනය පාදඩකරණය කළ පිරිසක්. රටේ කුමන හෝ අපරාධයකට සම්බන්ධ පිරිසක්. එනිසා එම දේශපාලන සංස්කෘතියම පරාජයට පත්කළ යුතුයි. එනිසාම 2015දී එම කඳවුරට එරෙහිව ඡන්ද ලකෂ 62ක් ලබාදුන්නා. එම ඡන්දවලින් බලයට පැමිණි වර්තමාන පාලනය එම දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළේ නැහැ. එම දේශපාලන සංස්කෘතියම පවත්වාගෙන ගියා. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධව අල්ලස් ගත් රවී කරුණානායකට ඇමතිධුරය අහිමි වුණා. නමුත් ටික කාලයකින් නැවතත් එම දූෂිත ඇමතිවරයාට ඇමතිකම ලබාදුන්නා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයත් මෛතී්‍රපාල ජනාධිපතිවරයාත් පැවති දේශපාලන සංස්කෘතිය යහපත් තත්වයට ගෙන ඒමට අසමත් වුණා. එය නැවත නැවත සිදුවිය යුතු නැහැ. රාජපකෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි.
රාජපකෂ දේශපාලනයට එරෙහිව තිඛෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේකෂකයා ප්‍රමුඛ කඳවුරත් පමණයි. ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නෙමෙයි. ඒ වගේම දේශපාලනයෙන් තොර අපේකෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි සංවාදයක් තිඛෙනවා. අපේ රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි පුද්ගලයින් වටා පරිණත දේශපාලන කණ්ඩායම් නැත්නම් ඔවුන්ට ප්‍රතිපත්තියක් නැත්නම් ගම් මට්ටමට දිවෙන පරිපාලන ව්‍යුහයක් නැත්නම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද..? එය කළ හැක්කේ මහජන ව්‍යාපාරයකට පමණයි. දේශපාලන පකෂ අදාළ නැහැ කියන කතාව ශ්‍රීලනිපයට එජාපයට, පොදුජන පෙරමුණට අදාළ වෙන්න පුළුවන්. නමුත් අපට අදාළ නැහැ. රටට අලූත් ආදර්ශයන් පෙන්වපු, සංවිධාන විනයක් සහිත ව්‍යාපාර විශාල ප්‍රමාණයක් හා එක්වුණු ජනතා මධ්‍යස්ථානයක් දැන් ගොඩනගා තිඛෙනවා. එම මධ්‍යස්ථානය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ. එම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ අපේකෂකයා 18වැනිදා අපි රටට හඳුන්වා දෙනවා. අපේකෂකයන් කිහිප දෙනෙක් හිටියට දැන් අපේ රටේ තිඛෙන්නේ දේශපාලන කඳවුරු දෙකක් පමණයි. රට ගොඩනගන්න සූදානම්, ජනතාවගේ ආශිර්වාදය සහිත ජනතාව බලාපොරොත්තු වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේකෂකයා සහිත කඳවුර සහ රට ණය කරපු, රට විනාශ කරපු රටේ සම්පත් කොල්ලකාපු අනෙක් කඳවුර එම දේශපාලන කඳවුරු දෙකයි.
ජනතාවට තෝර ගන්න තිඛෙන්නේ රට හදන කඳවුර හෝ රට විනාශ කරපු කඳවුරයි. කඳවුරු 3ක් හෝ අපේකෂකයන් කිහිප දෙනෙක් දැන් නැහැ. රට දෙකට ඛෙදිලා ඉවරයි. පැරණි ක්‍රමයට රජවරු වැඳ පුදාගෙන වැඩවසම් ක්‍රමයක් සහිත ඉතා දුෂ්කර පාලනයක් යටතේ යටත් වැසියන් ලෙස දුක් විඳින කඳවුරද එසේ නැත්නම් රට හදන, කඳවුරද කියලා ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබී තිඛෙනවා. සමහරු කියනවා, සියලූ දෙනා ඡන්දයට එන්නේ පෙරමුණු හදාගෙන කියලා. මහින්ද රාජපකෂලා පෙරමුණක් හදාගත්තා කියනවා. රනිල් වික්‍රමසිංහලාට පෙරමුණ හදගන්න බැරිව අසාර්ථක වෙලා තිඛෙනවා. අපි නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. සුපුරුදු පරිදි රාජපකෂ කඳවුර තමන්ට එරෙහිව හිටපු විවිධ පිරිස් තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිඛෙනවා. ඊට පෙර ජනාධිපතිවරණවලදී රාජපකෂලාට එරෙහිව හිටපු සරත් මනමේන්ද්‍ර පවා තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිඛෙනවා. ඊළාම් රාජ්‍යයක් ගැන කතාකරපු වර්ධරාජා පෙරුමාල්ලාගේ සහාය ගන්න තරම් රාජපකෂලා බංකොොලත් වෙලා.
නමුත් අපි සමග ඉන්නේ දේශපාලනය පිළිබඳ හොඳ කියවීමක් තිඛෙන, දර්ශනයක් සහිත, දැක්මක් සහිත ජනතාවක් නියෝජනය කරන පිරිසක්. ඒ වගේම අපේ ජනතා මධ්‍යස්ථානයට අටවා ගන්නා සංවිධාන නැහැ. එහි මංගල රැලිය තමයි 18වැනිදා ගෝල්ෆේ්්ස් පිටියේදී පවත්වන්නේ. එය අපේ රටේ දේශපාලනයේ අලූත් හැරවුම් ලකෂයක් වෙනවා. අපේ රටට අලූත් ගමනක් නිර්මාණය කරන දිනයක් වෙනවා. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා රට රකින, රට හදන බලවේගය සමඟ අත්වැල් බැඳගන්න කියලා. ප්‍රගතිශීලී කතා කියමින් ජනතාව මුලා කරන ප්‍රකාශවලට ගොදුරු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා".
මේ වනවිටත් විද්වතුන්, වෘත්තිකයින් පිරිසක් විසින් විශාල සාකච්ඡාවකින් පසුව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කොට තිඛෙනවා. ඒවා අපිට පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. ඒ වගේම කාලයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවකින් පස්සේ අපි ජාතික ජන බලවේගය ගොඩනගා තිඛෙනවා. එයට වමේ පකෂ, බහුජන සංවිධාන, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන් ඇතුළු ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරනවා. අපේ රටේ සියලූ දෙනා බලාපොරොත්තු වෙන, සියලූ ගුණාංගයන් සහිත අපේකෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි.
මේ වන විටත් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපකෂ සියලූම ආගමික නායකයින් ඉදිරිපත් කරපු නිර්දේශ කඩලා තිඛෙන්නේ. දැනටමත් ඔහුට විශාල නඩු ප්‍රමාණයක් තිඛෙනවා. කුමන හෝ ආගමකට ගරු කරන ජනතාවකට ඔහුට ඡන්දය දෙන්න බැහැ. කුමන හෝ ආගමකට ගරු කරන ආගමික නායකයන්ට ඔහුට ආශිර්වාද කරන්න, පිරිත් නූල් බඳින්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ නුසුදුසුකම් ඔප්පු කරපු පුද්ගලයෙක්. අපේ රටේ ඇතැම් පිරිස්වලට සක්විති රජ මානසික්ත්වයක් ඇතිවෙලා තිඛෙනවා. අපේ රටේ සමහරු තවමත් වැඩවසම් ක්‍රමයකට කැමතියි. රජවරුන්ට වන්දනා මාන කරපු, යටත් වැසියන් සේ හැසිරෙන්න සමහරු කැමැතියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තොරොම්බල් කරන අයම එවැනි තත්වයකට පත්වීම කණගාටුදායකයි. තමන්ට ඒකාධිපතියෙක් අවශ්‍ය යැයි ඔවුන් අපේකෂා කරනවා.
මේ අදහස් නූතන, ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. අපි එවැනි වැඩවසම් ලකෂණ ප්‍රතිෙකෂ්ප කරන, නූතන පරපුර නියෝජනය කරන බලවේගයක්. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේකෂකයා දේශපාලන පරිණතභාවයක් තිඛෙන, අනෙක් කඳවුරෙනේ ඉදිරිපත් කරන අපේකෂකයාට තරගයක් දිය හැකි සියලූ සුදුසුකම් සම්පූර්ණ කරපු අපේකෂකයෙක්. ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේකෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, නීතිඥ සුනිල් වටගල සහෝදරයාද සහභාගි විය.