“මගේ දොර ඕනෑම අයෙකුට විවෘතයි..!

(අශන්ති වර්ණසුරිය) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ තමා සමග එකතු වන ඕනෑම අයෙකු ආදරයෙන් භාර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නැවත මහින්ද රාජපක්ෂ මහතා…
(අශන්ති වර්ණසුරිය)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ තමා සමග එකතු වන ඕනෑම අයෙකු ආදරයෙන් භාර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නැවත මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වීම පිළිබදව කළ විමසුම හමුවේ පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේය.
දැන්වීම
ඒ අනුව කිසිවකු සමග කිසිදු අමනාපයක් තමාට නොමැති බවත් , තමාට කවුරුන් කුමක් කළත් ඒ කිසිවකුත් සමග කිසිදු වෛරයක් තමාට නොමැති බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට එකතු වීමට සිය දොර විවෘත කර අති බව ද පෙන්වා දෙයි.
එමෙන්ම තමා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පළ කරන අතර තමා සමග එකතු වෙන්න කැමති සියලු දෙනාටම තමා සමග එකතු වෙන ලෙසට ආරාධනා කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.