අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“මගේ ඉලක්කය ජනපති හෝ ශ්‍රීලනිපය නොවේ”

මාධ්‍ය ප්‍රධානීන් රකින්නේ මාධ්‍ය නිදහස ද?රාජපක්ෂ රෙජීමය ද?

(හේමන්ත තුසිත කුමාර) තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර මේ වන තුරු කිසිදු වචනයක් කියා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්…

(හේමන්ත තුසිත කුමාර)

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර මේ වන තුරු කිසිදු වචනයක් කියා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සමග පවසා තිබේ.

ඔහු මේ  බව පවසා තිබෙන්නේ ජනාධිපතිවරයා ගෙවුණු දින කිහිපයේදීම දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එම මැති ඇමතිවරුන් අරලිය ගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා තමා හෝ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ඍජුව හෝ වක්‍රව  දේශපාලන වේදිකාවේ කුමක් කිව්වාද කියා තමා නොදන්නා බව එහිදී පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ ඉල්ලක්කය ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව ද පෙන්වා දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“මගේ ඉලක්කය ජනපති හෝ ශ්‍රීලනිපය නොවේ” | Lanka Newsweek