මගී සුව පහසුව තහවුරු කෙරේ-“විවේකස්ථාන” ඉදි කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

දියුණු මගී සංස්කෘතියක් ඇති කිරීම අරමුණයි..! මග නැගුම උපදේශන සහ ව්‍යපෘති කළමනාකරණයේ වැඩක්..! (සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග) මගියාගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු වන පරිදි රටේ සමස්ථ මාර්ග පද්ධතිය…
දියුණු මගී සංස්කෘතියක් ඇති කිරීම අරමුණයි..!
මග නැගුම උපදේශන සහ ව්‍යපෘති කළමනාකරණයේ වැඩක්..!
(සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග)
මගියාගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු වන පරිදි රටේ සමස්ථ මාර්ග පද්ධතිය ලෝකය පිළිගත් නවීන,දියුණු සහ තාක්ෂණික ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කරමින් දියුණු මගී සංස්කෘතියක් ඇති කිරීමට මහා මාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.
මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත,මග නැගුම උපදේශන සහ ව්‍යපෘති කළමනාකරණ සමාගමේ සභාපති අවන්ති ජයතිලක මහතාගේ සංකල්පයයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ එම සමාගම යටතේය.
මෙම ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස කොළඹ ඇතුළු රට පුරා මහා මාර්ගවල දෙපස පිහිටි ඉඩකඩ සහිත ස්ථානවල “විවේකස්ථාන” පිහිටුවීමට නියමිත අතර සියලුම පදික වේදිකා පදිකයින්ගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු වන පරිදි සංවර්ධනය කෙර්.
මෙම “විවේකස්ථාන” විවිධ ප්‍රමාණයේ මාදිලි තුනක් යටතේ ඉදි කෙරෙන ඒ සියලු විවේකස්ථාන වැසිකිලි කැසිකිලි,ආහාරපාන සහිත කඩ සාප්පු,පානීය ජලය,රථ ගාල,දරු දැරියන්ට විනෝද විය හැකි ළදරු උද්‍යාන,ආහාර ගත හැකි ස්ථාන,විදුලිය සහ Charging Point ඇතුළු සියලු පහසුකම්වලින් යුක්තවේ.
දිවා රාත්‍රියේ ක්‍රියාත්මක මේ විවේකස්ථානවල ශ්‍රී ලංකාවේ වැදගත් සහ සුන්දර ස්ථානවල තොරතුරු ද, මාර්ග පිළිබඳ විස්තර ද,දුරකථන ද,බැංකු ශාඛා ද, හදිසියකදී වැදගත් වන දුරකථන අංක ද,මාර්ග නීති ද,ළඟම තිබෙන පොලීසිය,රෝහල,බස් නැවතුම් පොළ,දුම්රිය ස්ථානය,තැපැල් කන්තෝරුව සහ අවන්හල් ද ඇතුළු ගමන් බිමන් යාමේදී මගී ජනයාට අවශ්‍ය වන සියලු තොරතුරු ඇතුළත් විශාල ප්‍රමාණයේ පුවරු ද පිහිටුවීමට නියමිතය.
කොළඹ හෝ වේවා කොළඹින් පිට දුර බැහැර හෝ වේවා ගමන් බිමන් යාමේදී මේ අත්‍යවශ්‍ය පහසුකම් නොමිලයේ ලබා ගෙන ගිමන් හැර ආරක්ෂිතව සහ සුව පහසුවෙන් යුතුව සිය ගමනාන්තයට ළඟා වීමට අවස්ථා නොමැති තත්ත්වය හමුවේ මගී ජනයා අනත අසරණ වී සිටින බව මග නැගුම උපදේශන සහ ව්‍යපෘති කළමනාකරණ සමාගමේ සභාපති අවන්ති ජයතිලක මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග වැඩි දුරටත් අදහස් දැක්වූ අවන්ති ජයතිලක මහතා සඳහන් කළේ මේ පහසුකම් ලබා ගැනීමට මගී ජනයාට අයිතියක් තිබෙන අතර එම අයිතිය තහවුරු කිරීම රටක මහා මාර්ග අමාත්‍යංශයේ යුතුකම සහ වගකීම වන බවය.
මෙම “විවේකස්ථාන” පිහිටුවීමට සුදුසු රට පුරා තිබෙන සුන්දර සහ ඉඩකඩ සහිත ස්ථාන පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමකට මේ වන විටත් භාර දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
