අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"මං පෙර ගියේ වරදින් පිරි පාරකය" රාවණ ජම්බාලා

"මං පෙර ගියේ වරදින් පිරි පාරකය" රාවණ ජම්බාලා

අපේ රංගන ක්ෂේත්‍රයේ පියුමිලා කිහිප දෙනෙකි. ඒ අතරින් එන අලුත් පියුමි, පියුමි ශ්‍රීනායකය. පියුමි රංගනයෙන් දායක වූ ටෙලි සිතුවම් කිහිපයක් මේ දිනවල විකාශය වේ. එනමුදු අප ඇයව වඩාත් හඳුනා ගත්තේ ආන්දෝලනාත්මක…

අපේ රංගන ක්ෂේත්‍රයේ පියුමිලා කිහිප දෙනෙකි. ඒ අතරින් එන අලුත් පියුමි, පියුමි ශ්‍රීනායකය. පියුමි රංගනයෙන් දායක වූ ටෙලි සිතුවම් කිහිපයක් මේ දිනවල විකාශය වේ. එනමුදු අප ඇයව වඩාත් හඳුනා ගත්තේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කිහිපයක් තුළිනි. සරාගී පෙම්වතියගේ චරිතය ඇය වැඩිපුරම නිරූපණය කළාය. කෙසේ වෙතත් වර්තමානයේදී පියුමිව එවැනි රූප රචනා ඔස්සේ හමු නොවෙනා තරම්ය.

පියුමි, මේ කතාවේ ප්‍රවේශයට ඒ මාතෘකාව හොඳයි කියලා හිතුණා?ඇත්තටම මං දැන් ඒවා ගැන කතා කරන්න කැමැති නැහැ. ගොඩක් පසුතැවෙනවා ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙච්ච එකට.

ඒ දවස්වල ඔබ පුවත්පත්වලට පැවසුවේ වෙනම කතාවක්?

මගේ නොදැනුවත්කමටයි එහෙම කිව්වේ. මගේ ජීවිතේ මං කරගත්ත ලොකුම මෝඩකම තමයි එවැනි චරිත රඟපෑව එක. මගේ මව්පියන්ට නෑදෑයින්ට හිතවත් අයට මං නරකක් කළා කියලා හිතෙනවා. පුදුමාකාර පසුතැවිල්ලක් එක්ක වේදනාවකුත් ඇති වෙනවා ඒ අතීතය සිහිවෙද්දිත්.

සරාගී දර්ශනවල පෙනී සිටීම නිසා ඔබ සමාජ මාධ්‍යයන් ඔස්සේ කතාබහට ලක්වුණු චරිතයක් වුණා නේද?

මම ඒ ලැබුවේ ප්‍රසිද්ධියක්. ජනප්‍රිය වුණා නෙවෙයි. ඒක කමක් නැහැ කියමුකෝ. කමෙන්ට්වලින් අම්මට තාත්තට පවා බැනලා තිබුණා. ඒවත් එක්ක මට ක්‍රමයෙන් වැටහුණා මා මේ යන්නේ වැරැදි පාරක කියලා.

"මං පෙර ගියේ වරදින් පිරි පාරකය" රාවණ ජම්බාලා

අද වන විට ඔබ ගමන වෙනස් කරලා?

ඔව්. මං ගොඩක් ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්නවා. ඔවුන් කරන කියන දෑ පිළිබඳ බලාගෙන ඉන්නවා. ඇසුරු කරන්නෙත් යම් වැටහීමක් ඇති පිරිසක්. රඟපාන එක කරන්නේ තෝරා බේරාගෙන. ලැබෙන සෑම චරිතයකටම යන්නේ නැහැ.

මේ දිනවල ඔබ රඟපාන නාට්‍ය ත්‍රිත්වයක් විකාශය වෙනවා?

නීල පබලු, වෙස් සහ රාවණ තමයි ඒ නාට්‍ය තුන. එකිනෙකට වෙනස් චරිත තමයි මං ඒවාහි රඟපාන්නේ. එක සැරේ නාට්‍ය තුනක් විකාශයවීමත් ඒ ඔක්කොම එකසේ ජනප්‍රිය වීමත් නිසා මමත් ජනප්‍රියයි කියලා දැනෙනවා.

ඒවායේ ඔබ රඟපාන චරිත මොනවද කියලා සඳහන් කළොත්?

නීල පබලු සෙනුරි, වෙස් ටාන්‍යා, රාවණ නාට්‍යයේ ජම්බාලා.

මේවා අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන චරිතය?

රාවණ ජම්බාලා චරිතය. මට ඒක අභියෝගයක් වුණා. අනෙක් චරිත එහෙම නැති වුණත් මං ඒ චරිත දෙකටත් ආසයි. මං ජම්බාලා චරිතය ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒක වෙනස් චරිතයක් නිසා. කතා ශෛලියත් අමුතුයි. මට මේ චරිතය ලැබුණාම මුලදී අකැමැති වුණා. මට ඒක හරියට රඟපාගන්න බැරිවේවි කියලා හිතුණා. චරිතයකට අසාධාරණයක් කරන්න බැහැනෙ. නමුත් අධ්‍යක්ෂවරයාගේ දිරිමත් කිරීම මත ප්‍රතික්ෂේප කළ චරිතය ආයෙත් බාර ගත්තා.

දෙබස් උච්චාරණයේදී පැටළුණේ එහෙම නැතිද?

ගොඩක් පැටළුණා. විශ්වමුණි වගේ අමුතු නම් තිබෙන නිසා ඒවත් අමාරුවෙන් කියා ගත්තේ. ගෙදර ගිහින් පිටපත බලමින් හොඳට ඩයලොග් ප්‍රැක්ටිස් වුණා. දැන් හරි.

ඉස්සරට වැඩිය ඔබ දැන් ටිකක් මහත් වෙලා කියලා යාළුවෝ කියනවා?

එක දිගට ටෙලි නාට්‍යවල රඟපෑවනෙ. මට ජිම් එකට යන්නත් බැරි වුණා. මොඩ්ලිං කරන කාලේ ඇඟ ගැන හිතුවට මේ කාලයේදී එහෙම හිතන්න බැරි වුණා. හැබැයි මට හිතෙනවා මං ටිකක් මහත් වුණාට කමක් නැහැ කියලා. ටෙලි නාට්‍යවලට එතකොට මං වඩාත් ගැළපෙනවා.

කොහොමද විවාහ ජීවිතය?

බොහොම සුන්දරයි. මගේ සැමියා චමිත් කුමාර. මට පුදුමාකාර නිදහසක් දීලා තියෙනවා. සමහරු කියනවා විවාහය ක්ෂේත්‍රයේ ගමනට බාධාවක් කියලා. මට ඒකේ අනෙක් පැත්ත. විවාහ වෙලා හොඳ සැමියකු නොලැබුණා නම් මෙතරම් දුරක් එන එකක් නැතිවේවි.

විවාහ වුණත් විවාහ යෝජනා අඩුවක් නැතුව එනවා ඇති?

අනේ නැහැ මේ වන විට මුළු ක්ෂේත්‍රයම දන්නවා මං බැඳලා කියලා.

පියුමි ශ්‍රීනායක කියන්නේ මොන වාගේ චරිතයක්ද?

ඉක්මනට කේන්ති යන ඒත් ඒ කේන්තිය ඉක්මනටම නිවෙන හරිම සංවේදී කෙනෙක්.

(සරසවිය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
"මං පෙර ගියේ වරදින් පිරි පාරකය" රාවණ ජම්බාලා | Lanka Newsweek