අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඔහුට කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්…

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඔහුට කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස 1983 වසරේ මාතර ප්‍රධාන සංවිධායකවරයා බවට පත් විය.1989 වසරේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.එමෙන්ම 2004 වසරේදී ඔහු වරාය, ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍යධුරය ද දරනු ලැබී ය.

2005 වසරේ සිට 2007 වසර දක්වාත්, 2015 වසරේ සිට 2017 වසර දක්වාත් අවස්ථා දෙකකදී ඔහු විදේශ අමාත්‍යධුරය දරනු ලැබීය.එමෙන්ම 2017 වසරේ සිට 2019 දක්වා මෙරට මුදල් අමාත්‍යධුරය දරනු ලැබුවේ ද  මංගල සමරවීර මහතායි.

1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල සමරවීර මහතා මිය යන විට 65 වැනි වියේ පසුවිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි | Lanka Newsweek