අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මංගල සමරවීගේ අඩුව පිරවීම ජාතික අභියෝගයක්

මංගල සමරවීගේ අඩුව පිරවීම ජාතික අභියෝගයක්

COVID මාරයා ඔහු බිලි ගත්තේ මව් බිමට අත්‍යවශ්‍යම මොහොතකයි මංගල යනු මහා යුග පුරුෂයෙක් ජාති වාදයට-ආගම් වාදයට එරෙහි සැබෑ දේශප්‍රේමියෙක් යුද්ධය දේශපාලනික ජය ගැනීමට විශාල මෙහෙවරක් කළා (සුජිත් මංගල දසිල්වා)…

COVID මාරයා ඔහු බිලි ගත්තේ මව් බිමට අත්‍යවශ්‍යම මොහොතකයි 

මංගල යනු මහා යුග පුරුෂයෙක් 

ජාති වාදයට-ආගම් වාදයට එරෙහි සැබෑ දේශප්‍රේමියෙක් 

යුද්ධය දේශපාලනික ජය ගැනීමට විශාල මෙහෙවරක් කළා 

(සුජිත් මංගල දසිල්වා)
 

මංගල සමරවීර නමැති මහා යුග පුරුෂයාගේ සේවය සහ දැක්ම මව් බිමට අතවශ්‍යම වූ මොහොතේ දී මාරාන්තික COVID-19 වසංගතය විසින් ඔහු බිළි ගනු ලැබීමෙන් ඇතිවූ හිඩැස පිරවීම සමස්ත ශ්‍රී ලාංකික ජාතිය ම මුහුණ දෙන බරපතළ අභියෝගයක් යැයි රුහුණු ජනතා පක්ෂයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ද සොයිසා මහතා විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

අභාව ප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ දේශපාලන භුමිකාවේ ජාතික අවශ්‍යතාවය පැහැදිලි කරමින් රුහුණු ජනතා පක්ෂයේ නායක අජන්ත ද සොයිසා මහතා නිකුත් කර ඇති එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

දැන්වීම

අප මව් බිමට අත්‍යවශ්‍යම වූ මොහොතේදී අත්‍යවශ්‍යම මිනිසා අප අත හැර යාම ඛේදවාචකයකි..! ශ්‍රී ලංකා මාතාව බිහි කළ අති විශිෂ්ටතම දේශපාලන නායකයෙකු, සංවිධායකවරයෙකු, දේශපාලන සම්බන්ධීකාරකවරයෙකු සේම අති විශිෂ්ට දැක්මක් සහිත සැබෑ මානව හිතවාදියකු වූ මා මිත්‍ර මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝවෙන් මමත් රුහුණු ජනතා පක්ෂයේ සියලු දෙනාමත්  අතිශය ශෝකයටත් කම්පාවටත් පත් වී සිටින්නෙමු.

ඓතිහාසික වශයෙන් අප මාතෘ භූමියේ ගමන් මාර්ගයේ දී සිදු වූ වැරදි සහ අඩුපාඩු පිළිබඳවත් ඒ සියල්ල නිවැරදි කර ගනිමින් ලෝකය හමුවේ අභිමානයකින් යුතුව යළි නැගී සිටීමට අප ගත යුතු නිවැරදි ක්‍රියා මාර්ග පිළිබඳවත් මනා අවබෝධයක් සහ දැක්මක් නිරතුරුවම ඔහු සතු විය. මව් බිමේ ජාතීන් අතර සැබෑ එක්සත්භාවය ගොඩනගමින් එක්සත් ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමකින් තොරව අපට තවත් එක් පියවරක් හෝ ඉදිරියට යා නොහැකි බව ඔහු තරයේ විශ්වාස කළ අතර බහුතරයේ අධිපතිවාදය වෙනුවට විවිධත්වයේ ඒකත්වය ඔස්සේ ගොඩනගන සැබෑ සාමූහික සංහිදියාවක් වෙත  රට ගෙන යාමට ඔහු සෑම විටම උත්සාහ දැරීය. 

සැබෑ දේශප්‍රේමියකුට කිසි විටෙක ජාති වාදියෙකු හෝ ආගම් වාදියෙකු විය නොහැකි බවට වන සදාතනික සත්‍යට කදිම සාක්ෂිය ඔහු විය.1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ අති විශිෂ්ට ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ සහයෝගය එක්තැන් කළ එක් ප්‍රධාන සංවිධායකවරයෙකු වූයේ ඔහුය.

බෙදුම් වාදී එල්ටීටීඊ කොටි සංවිධානයේ මතවාදී ග්‍රහණයෙන් දෙමළ ජනතාව මුදවා ගනිමින් කොටි ත්‍රස්තවාදය උණ්ඩයෙන් නොව දෙමළ ජන හදවතින් අතුගා දැමීමටත් යළි කිසි දිනක බෙදුම්වාදී මතයක් දෙමළ ජන මනසට ඇතුළුවීම දේශපාලන වශයෙන් අහෝසි කරමින් යුද්ධය දේශපාලනිකව ජය ගැනීමට සෑම විටම උත්සාහ කළ සැබෑ දේශප්‍රේමීයා ඔහුයි.

ඔහුගේ සේවය සහ දැක්ම මවුබිමට අතවශ්‍යම වූ මොහොතේ දී මේ මහා මිනිසා කොරෝනා වසංගතය විසින් බිළි ගනු ලැබීමෙන් ඇතිවූ හිඩැස පිරවීම සමස්ත ශ්‍රී ලාංකික ජාතිය ම මුහුණ දෙන බරපතළ අභියෝගයක් බවට පත් වනු නිසැකය. ගරු මංගල සමරවීර මැතිතුමනි..! ඔබට නිවන් සුව අත් වේවා..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මංගල සමරවීගේ අඩුව පිරවීම ජාතික අභියෝගයක් | Lanka Newsweek