මංගලගේ දේශපාලන ගමන අවසන්..!

(නායක බණ්ඩාර) එළඹෙන මහ මැතිවරණෙයෙන් පසු තමා අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සිය දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන්…
(නායක බණ්ඩාර)
එළඹෙන මහ මැතිවරණෙයෙන් පසු තමා අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සිය දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයක දී යි.
ඇතැමුන් සදාකාලිකව බලයේ රැඳී සිටීමට දැඩි ලෙස උත්සාහ ගනිමින් සිටින වකවානුවක නිසි කාලය පැමිණි පසු දේශපාලනයෙන් සමුගත යුතු බවට ආදර්ශවත් වෙමින් දැනට 63වැනි වියේ පසුවන තමා ඉදිරි මැතිවරණයෙන් පසු අනිවාර්යයෙන් ම දේශපාලනයට සමුදෙන බව සමරවීර මහතා අවධාරණය කරයි.
දැන්වීම
මේ වනවිට ඇතැමුන් කටකතා පතුරවන්නේ ඉදිරි මහමැතිවරණයට ද ඉදිරිපත් නොවී තමා දේශපාලනයෙන් සමුගන්නා බව වුවත් ලබන මැතිවරණයට ඔහු අනිවාර්යයෙන් ම ඉදිරිපත්වන බව ද මෙහි දී සමරවීර මහතා පැහැදිළිවම පැවසීය.
තව ද මංගල සමරවීර මහතාගේ විශේෂ ආරාධනයෙන් එම උත්සවයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සභාව හමුවේ කියා සිටියේ රටේ පොදු මහත් ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකිරීමට තමා දිවිහිමියෙන් කැපවී සිටින බවත්, ජනතා කැමැත්ත තමාගේ නායකත්වයක් රටට අවශ්‍ය බවනම් එය ඉටුකිරීමට සියලු ශක්තීන් තමා සතුව තිබෙන බවත් ය.