"මංගලගේ කුරේ-නිරුවත් කෙරේ"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6

අගමැතිගේ ඇස් ඇරේ-කුමන්ත්‍රණකාරයෙක් බව හෙළි වේ..! “පාඨලී-රාජිත” පෙරමුණ ගනී..! (උපුල් බණ්ඩාර) “හිල්ටන්” සහ “ලේක්හවුස්” සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා කුප්‍රකට දේශපාලන කුමන්ත්‍රණකාරයෙකු,කේලාම් කාරයෙකු සහ…
අගමැතිගේ ඇස් ඇරේ-කුමන්ත්‍රණකාරයෙක් බව හෙළි වේ..!
“පාඨලී-රාජිත” පෙරමුණ ගනී..!
(උපුල් බණ්ඩාර)
“හිල්ටන්” සහ “ලේක්හවුස්” සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා කුප්‍රකට දේශපාලන කුමන්ත්‍රණකාරයෙකු,කේලාම් කාරයෙකු සහ අවස්ථාවදියෙකු බව මේ වන විට හෙළිදරව් වී ඇති නිසා ඔහුගෙන් ප්‍රවේසම් වන්නැයි එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ප්‍රධාන මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ප්‍රධාන මැති ඇමතිවරුන් ක්‍රිෂාන්ත කුරේ මහතා සම්බන්ධයෙන් මෙසේ අනතුරු අඟවමින් ඔහුගේ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව කරුණු හෙළිදරව් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී සඳුදා (01) පැවති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.
එහිදී ප්‍රථමයෙන්ම නැගී සිටී ජාතික හෙළ උරුමයේ නායක,මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,ක්‍රිෂාන්ත කුරේ මහතාගේ දේශපාලන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සියලු කරුණු හෙළිදරව් කරමින් ප්‍රශ්න කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් වුණාට පසුව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ජන මාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින “ලේක්හවුස්” ආයතනයේ සභාපති ධූරයට ජනාධිපතිවරයා විසින් ඔහු පත් කරනු ලැබුවේ කෙසේ ද යන්න පිළිබඳවය.
එසේ පත් කිරීමෙන් පසුව ඔහු අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආණ්ඩුවේ බලධාරීන්ට නොදන්වා, “ලේක්හවුස්” ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන රටේ ප්‍රධානතම සිංහල ජාතික පුවත්පත් වන “දිනමිණ” සහ “සිළුමිණ” පත්‍රවල ප්‍රධාන කර්තෘවරුන් එම ධූරවලින් පහ කර එම තනතුරු සඳහා සිය හෙංචයියන් පත් කර ගනු ලැබුවේ කෙසේ ද යන්න පිළිබඳව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කර තිබේ.
ඒ සමගම නැගී සිටී සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා,පාඨලී චම්පික රණවක මහතාගේ විශේෂ හෙළිදරව්ව සනාථ කරමින් ක්‍රිෂාන්ත කුරේ මහතාගේ මෙම කුමන්ත්රණකාරී දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු ඉදිරපත් කර ඇත.
අනතුරුව එම අවස්ථාවට එක්ව සිටී අනෙකුත් සියලුම ඇමතිවරුන් ද පාඨලී චම්පික රණවක සහ දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ විශේෂ හෙළිදරව්ව අනුමත කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ ක්‍රිෂාන්ත කුරේගෙන් ප්‍රවේශම් වන ලෙසය.
ක්‍රිෂාන්ත කුරේ මහතාගේ මේ රහස් දේශපාලන ගනුදෙනු,සම්බන්ධතා සහ කුමන්ත්‍රණ හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණට සිදු වෙමින් පවතින සහ සිදුව තිබෙන හානිය පිළිබඳව සාක්කි-සාධක ඇතිව මැති ඇමතිවරුන් තාර්කිකව ඉදරිපත් කළ කරුණු සියල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සම්පූර්ණයෙන්ම අනුමත කර පිළි ගෙන තිබේ.
ක්‍රිෂාන්ත කුරේ මහතාගේ මේ දේශපාලන කුමන්ත්‍රණ,දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ඒ හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණට සිදු වන අති විශාල හානිය පිළිබඳව ද “lankanewsweek” අපි කාලයක් මුළුල්ලේ කරුණු හෙළිදරව් කරමින් සිටී බව සිය පාඨකයින්ට මේ මොහොතේ සිහිපත් කර සිටිමු.
මොහුගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආසන්න වශයෙන් “lankanewsweek” කරුණු හෙළිදරව් කළේ 2018 දෙසැම්බර් 30 වැනිදා වන අතර ඒ “මෛත්‍රීගේ මංගල සූත්‍රය ගැන එජාපෙ අවධානයෙන්..” යන ශීර්ෂය යටතේය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් වීමෙන් පසු කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දුන් දවසේ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වන විට “ලේක්හවුස්” ආයතනයේ සභාපතිවරයාව සිටී වසන්ත ප්‍රිය රාමනායක මහතාට දුරකතනයෙන් කතා කර එම ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට ඔහුට දැනුම් දී ඒ සඳහා තමා ක්‍රිෂාන්ත කුරේ මහතා පත් කරන බව කියා සිටියේ,ක්‍රිෂාන්ත කුරේ මහතා ද සිය සමීපයේ සිටියදී බව මේ රටේ කවුරුන් නොදනිතත් “lankanewsweek” අපි දනිමු.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්රණකාරී ලෙස අගමැති ධූරයට පත් වුණාට පසුව, ඔහු ඔහුගේ අතිශය සමීපතමයෙකු වන “TAXI ABE” නොහොත් ගාමිණී අබේරත්න මහතා“හිල්ටන්” හෝටලයේ සභාපති ධූරයට නම් කළ අවස්ථාවේදී,මහින්ද රාජපක්ෂලා අල්ලා ගෙන එම පත් කිරීම වළක්වා ගනිමින් “හිල්ටන්” සභාපතිවරයා ලෙස සිය තනතුරේ දිගටම රැදී සිටීමට ක්‍රිෂාන්ත කුරේ මහතා සමත් විය.
ක්‍රිෂාන්ත කුරේ මහතාගේ මේ ක්‍රියාකලාපය මත ඔහු “ලේක්හවුස්” ආයතනයේ සභාපති ධූරයෙන් පහ කිරීමේ අවශ්‍යතාවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මුල සිටම පැවති අතර ඊට එරෙහිව ඔහු ආරක්ෂා කළේ මංගල සමරවීර මහතාය.
අග්‍රාමාත්‍යවරයාගේ මේ අවශ්‍යතාවය “lankanewsweek” මීට මාස ගණනාවකට පෙර හෙළිදරව් කළ අවස්ථාව්දී ඊට එරෙහිව මංගල සමරවීර මහතා කළේ යැයි කියන ප්‍රකාශයක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කෙරුණු අතර එහිදී “lankanewsweek” පෙරළා ප්‍රවෘතියක් පළ කරමින් ප්‍රශ්න කර සිටියේ මංගල සමරවීර මහතා සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් වඩා ඉහළින් ද යනුවෙනි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ අවස්ථාවේදී, මංගල සමරවීර මහතා ඔහුට “පර බල්ලා” යැයි කියමින් කුණු හරුපයෙන් බැන වැදීමත් සමග පළුදු වූ “මෛත්‍රී-මංගල” සබඳතාවය යළි ගොඩනැගීමට මැදිහත් වී ඇත්තේ ද ක්‍රිෂාන්ත කුරේ මහතාය.
ක්‍රිෂාන්ත කුරේ යනු උදේට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගත්,දවල්ට කතානායක කරු ජයසූරිය මහතා සමගත්,සවසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාත්‍රියට මංගල සමරවීර මහතාත් සමගත් හොර රහසේ මහින්ද රාජපක්ෂ පාර්ශවය සමගත් සිටිමින් සිය පෞද්ගලික අභිමතාර්ථය වෙනුවෙන් සියලු දෙනා අන්ද වන දේශපාලන හතර වරම් කාරයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා දෙති.
මේ බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී සඳුදා (01) පැවති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඍජුවම ප්‍රකාශ කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දෙන අවස්ථාවට සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ කාරියවසම්,සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල,දොස්තර රාජිත සේනාරත්න,අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකට අවසර නොදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට පරුෂ වචනයෙන් පවා බැන වැදුණු මංගල සමරවීර මහතාට ඊට සහභාගීවීම සඳහා අවසර දුන්නේ ක්‍රිෂාන්ත කුරේ මහතා මැදිහත් වී දෙපාර්ශවය අතර යළි ඇති කළ ඒ සබඳතාවය සහ අවබෝධය නිසා යැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.
රනිල් වික්‍රමසිංහ වාදියෙකු ලෙස මවා පාමින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නියෝජනය කරන ක්‍රිෂාන්ත කුරේ මහතා අගමැතිවරයාගේ හිතවතෙකු නොව දේශපාලන කුමන්ත්‍රණකරුවෙකු බව මේ අනුව මානව පැහැදිළි වන්නේ යැයි අගමැතිවරයාට සමීප එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.
මොහු ඇතුළු තමා වටා සිටින එවැනි චරිත මාර්ගයෙන් මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා ද,අගමැතිවරයා ද,කතානායකවරයා ද,සජිත් ප්‍රේමදාස මහතා ද, පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවය ද, සමග ගැටුමක් ඇති නොවන අයුරින් පවත්වා ගෙන යන දේශපාලන සන්නිවේදනය,අවබෝධය සහ ගනුදෙනු ද මේ සිද්ධීන්ගෙන් පැහැදිළි වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ක්‍රිෂාන්ත කුරේ මහතාගේ ප්‍රධාන උපදේශකයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ මුර බල්ලන් ලෙස සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන “ලංකාදීප” සහ “ඉරිදා ලංකාදීප” ඇතුළු සිංහල ජාතික පුවත්පත් මෙහෙයවමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන යහා පාලන ආණ්ඩුවට එරෙහිව ඒකාධිපති පවුල් පාලනයක් රටේ යළි ඇති කිරීමට ජන මාධ්‍ය ගණිකා වෘත්තියේ යොද වන එම සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සහ “ලංකාදීප” ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාය.
“ලේක්හවුස්” ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන “ඩේලිනිව්ස්” පුවත්පතට අවුරුදු සියයක් සැපිරීම වෙනුවෙන් එම ආයතන පරිශ්‍රයේදී මීට මාස ගණනාවකට පෙර පැවති උත්සවයේදී ක්‍රිෂාන්ත කුරේ මහතා ඒ බව නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කළ අතර ඒ අවස්ථාවට සිරි රණසිංහ මහතා එක්ව සිටියේ සම්භාවනීය අමුත්තෙකු ලෙසය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන හතුරෙකු වන සිරි රණසිංහ මහතා,ක්‍රිෂාන්ත කුරේ මහතා විසින් මෙසේ එම උත්සවයේ සම්භාවනීය අමුත්තෙකු ලෙස කැදවා තිබුණේ අගමැතිවරයාගේ කිසිදු අවසරයකින් හෝ ඒ පිළිබඳව ඔහු දැනුම්වත් කිරීමෙන් තොරවය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පසුව දැන ගෙන තිබෙන්නේ සිය හිතවත් ජන මාධ්‍යවේදීන් පිරිසකගෙන් වන අතර එම අවස්ථාවට එක්වූ මංගල සමරවීර මහතා හෝ ඒ බව සිය නායකයාට දැනුම් දී නොතිබිණ.
මේ අතර “ලේක්හවුස්” ආයතනයේ “දිනමිණ” පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙස සේවය කරද්දී පුවත්පත් තොගයක් සොරකම් කිරීමේ වරදට හසු වී ආයතනයෙන් පන්නා දැමූ සිරි රණසිංහ මහතා “ඩේලිනිව්ස්” පුවත්පතට වසර සියයක් පිරීම වැනි අතිශය වැදගත් උත්සවයක සම්භාවනීය අමුත්තෙකු ලෙස කැඳවීම ආයතනයට කළ විශාල අපහාසයක් බව එදා බොහෝ දෙනා පෙන්වා දුන්හ.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ අන්තෙවසිකයෙකු වන “ඉරිදා ලංකාදීප”පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා ද ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සමීපතම මිත්‍රයෙකු වේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුල වෙනුවෙන් සීමාසහිත පුවත්පත් සමාගමේ සිංහල ජාතික පුවත්පත් මෙහෙයවමින් එම ජන මාධ්‍ය ආයතන වහල් කඳවුරු බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රිෂාන්ත කුරේ මහතා සිරි රණසිංහ ඇතුළු ඔහුගේ මාධ්‍ය නඩයට සෑම සති අන්තයකදීම තමා සභාපති ධූරය දරන “හිල්ටන්” හෝටලයේදී ජනතා මුදලින් කෘත ගුණ සලකන්නේ “විස්කි-බ්‍රැන්ඩි-ටිකිලා”ඇතුළු ඉස්තරම් වර්ගයේ විදේශීය මත්පැන් සහ ආහාරපානවලිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6