අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

භූමිතෙල් සහනාධාර බැංකු ගිණුම් මගින් ලබාදෙයි.

භූමිතෙල් සහනාධාර බැංකු ගිණුම් මගින් ලබාදෙයි.

(නිලන්ති චන්ද්‍රසේන) විදුලි බලය නොමැති සමෘද්ධී ලාභී පවුල්වලට සහ ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාර මුදල් බැංකු ගිණුම් මගින් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි…

(නිලන්ති චන්ද්‍රසේන)

විදුලි බලය නොමැති සමෘද්ධී ලාභී පවුල්වලට සහ  ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාර මුදල් බැංකු ගිණුම් මගින් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, අද (11) සිට එම සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවයි.

ඒ අනුව සමෘද්ධි ලාභීන්ට මාසයක කාලයක් සඳහා  භූමිතෙල් ලීටර් 15කට අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දීමට සැලසුම් කර තිබෙන අතර ධිවර ප්‍රජාවට භූමිතෙල් ලීටර් 375ක් ද ලබාදීමට නියමිත බවද ලේකම් වරයා ප්‍රකාශ  කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
භූමිතෙල් සහනාධාර බැංකු ගිණුම් මගින් ලබාදෙයි. | Lanka Newsweek