අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

භාණ්ඩ 48කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

භාණ්ඩ 48කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 48ක් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 48ක් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඒ යටතේ පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා ඇත.
 
භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය හා වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තබා ගත යුතු බවට ද අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් නියෝග කර තිබේ. 

භාණ්ඩ 48කට කොන්දේසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න