අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බෞද්ධ සම්මේලනයේ බලය සුමති පවුලෙන් ගිළිහෙයි..?

තුන් කොන් සටන ඇරඹෙයි..! සුදත් දේවපුර ඉදිරියෙන්..? (උපුල් බණ්ඩාර) සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය සඳහා එහි වත්මන් සභාපති ජගත් සුමතිපාල මහතාට එරෙහිව ප්‍රබල සිවිල් ක්‍රියාකාරිකයකු සහ…

තුන් කොන් සටන ඇරඹෙයි..!

සුදත් දේවපුර ඉදිරියෙන්..?

 

(උපුල් බණ්ඩාර)

සමස්ථ ලංකා බෞද්ධ මහා  සම්මේලනයේ සභාපති ධුරය සඳහා  එහි වත්මන් සභාපති ජගත් සුමතිපාල මහතාට එරෙහිව ප්‍රබල සිවිල් ක්‍රියාකාරිකයකු සහ වැවිලිකරුවකු වන සුදත් දේවපුර සහ ආචාර්ය සූරිය ගුණසේකර යන මහත්වරුන් නාම යෝජනා භාරදීමත් සමග උග්‍ර තුන් කොන් සටනක් ආරම්භ වී  තිබේ.

 සමස්ථ ලංකා බෞද්ධ මහා  සම්මේලනයේ නිලවරණය 2018 ජනවාරි මස හය වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එම සම්මේලනයේ මුලස්ථානයේදී පැවැත් වෙන අතර එහිදී එම සම්මේලනයට නව සභාපතිවරයකු,නියෝජ්‍ය සභාපතිවරයකු,උප සභාපතිවරුන් දස දෙනකු,සම ලේකම්වරුන් දෙදෙනකු,උප ලේකම්වරයකු සහ භාණ්ඩාගරිකවරයකු ඡන්දයෙන් තොර ගැනීමට නියමිතය.

දැන්වීම

පුරා අවුරුදු 18ක් මුළුල්ලේ  සමස්ථ ලංකා බෞද්ධ මහා  සම්මේලනයේ සභාපති ධුරයේ බලය  අඛණ්ඩව රැක ගෙන  සිටින ජගත් සුමතිපාල මහතාට එරෙහිව ප්‍රබල චරිත දෙකක් මෙසේ එම ධුරය සඳහා තරගයට ඉදිරිපත් වෙමින්  නාම යෝජනා ලබාදී තිබෙන්නේ ප්‍රථම වතාවටය.

මේ උග්‍ර තුන් කොන් සටනින් මේ වන විට  වැඩි වාසිය අත් වී  තිබෙන්නේ සුදත් දේවපුර මහතාට බව ද ගිහි බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන  සමස්ථ ලංකා බෞද්ධ මහා  සම්මේලනයට නව නායකත්වයක අවශ්‍යතාව මතු වී තිබෙන බව ද එහි  මහා සාමාජිකත්වය පෙන්වා දෙති.

මේ අතර කොළඹ බොරැල්ලේ පිහටි කල්‍යාණි ධර්ම ආශ්‍රමයට සිකුරාදා (08) සවස 3.00 ට රැස්වූ මහා සංඝයා වහන්සේලා සිය නමකට අධික පිරිසක් විශේෂ සඟ සමුළුවක් පවත්වමින් සුදත් දේවපුර මහතාට සිය ආශීර්වාදය සහ සහයෝගය පළ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බෞද්ධ සම්මේලනයේ බලය සුමති පවුලෙන් ගිළිහෙයි..? | Lanka Newsweek