අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු

බොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු

තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකට ඒකරාශී වනු රැවටුණා ඇති-පෙරට එනු -සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි- "අනුර කවදාවත් ජනපති නොවන නිසා දුමින්දට ඔහුගෙන් සමාවක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ" -අර්ජුන්…

තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකට ඒකරාශී වනු 

රැවටුණා ඇති-පෙරට එනු 

-සුදත් චන්ද්‍රසේකර අවධාරණය කරයි-

"අනුර කවදාවත් ජනපති නොවන නිසා දුමින්දට ඔහුගෙන් සමාවක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ" -අර්ජුන් කමලනාත්-

බොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු

දේශපාලන පක්ෂ, ජාති, ආගම්පා, කුල සහ ගෝත්‍ර භේද පසෙක තබා රටේ අනාගතය වන තරුණ තරුණියන්ගේ සහ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලු පාර්ශවයන් එකට එක්ව රට ගැන සිතා වැඩක වැඩ කළ යුතු කාලය එළැඹ ඇතැයි "United Youth" තරුණ බලවේගයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කර සිටියේය.

ගෙවුණු අවුරුදු හැත්තෑව පුරාවටම විවිධ දේශපාලන පක්ෂ, විවිධ මුහුණුවරින් රට-ජනතාව හමුවේ තැබූ විවිධ බොරු පොරොන්දුවලට තරුණ තරුණියන් ඇතුළු ජනතාව රැවටුණේ යැයි ද, තව දුරටත් ඒ බොරු පොරොන්දුවලට තරුණ තරුණියන් රැවටීමට අවස්ථාවාදී සහ බල ලෝභී දේශපාලකයින්ට ඉඩ නොතැබිය යුතු යැයි ද සුදත් චන්ද්‍රසේකර මහතා පෙන්වා දුන්නේය.

දැන්වීම

"United Youth" තරුණ බලවේගයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, එම සංවිධානය මගින් මාතලේ තානායම් පරිශ්‍රයේ දී ඉරිදා (05) සංවිධානය කෙරුණු මාතලේ දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන සර්ව ජන වැඩ සටහනට එක් වෙමිනි.

අවස්ථාවාදී සහ බල ලෝභී බොරු පොරොන්දු දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්තියකට සියලුම දේශපාලන පක්ෂ තල්ලු කිරීමට වග බලා ගැනීම පුරවැසියන්ගේ යුතුකම සහ වගකීම වන්නේ යැයි ද සුදත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය. 

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ප්‍රවීන සිනමා නළු සහ "United Youth" කලා සංසදයේ මහා ලේකම් අර්ජුන් කමලනාත් මහතා මෙසේ පැවසීය.

තමා ජනාධිපති වුණාට පසු මිනී මරු දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් තමා කිසිදු අවස්ථාවක සලකා බලන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධියේ කියා තිබුණා.

මම මුඵ හදවතින්ම අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතාව හා එකඟ වෙනවා. මේ ආත්මයේ දී දුමින්ද සිල්වාට, අනුර කුමාරගෙන් නම් ජනාධිපති සමාවක් කිසිසේත් නොලැබෙන බව මම දන්නවා. ඒ මන්ද කවදාක්වත් අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති වන්නේ නැහැ. කෙසේ නමුත් දුමින්ද සිල්වා කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයට සහ එම ජනතාවට විශාල සේවයක් කළ තරුණ දේශපාලන නායකයෙකු බව කිව යුතුයි.

මාතලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක උජිත් අනුරාධ මහතා සංවිධානය කර තිබූ මෙම වැඩමුළුව සඳහා ප්‍රවීන රංගන ශිල්පීන් වන ශෂී විජේන්ද්‍ර සහ ශෂිකලා හෙට්ටිආරච්චි ද, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජීවන්ත කුලතුංග සහ අකලංක ගණේගම යන මහත්ම මහත්මීන් ද, "United Youth" අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද ඇතුඵ විශාල පිරිසක් එක්ව සිටියහ. 

බොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
බොරු පොරොන්දුවලට එරෙහිව ප්‍රතිපත්තිමය දේශපාලනයකට පෙළ ගැසෙමු | Lanka Newsweek