බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගොස් එකම පවුලේ දෙදෙනෙක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) අද (21)පෙරවරුවේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය අතර එහිදී එකම පවුලේ සහෝදරයෙක් සහ ඔහුගේ නැගණිය රළ පහරකට හසුවීමෙන් අද දහවල් මිය ගොස් ඇත. පොලිසිය සදහන්…
(නිලන්ති චන්ද්‍රසේන)
අද (21)පෙරවරුවේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය අතර එහිදී එකම පවුලේ සහෝදරයෙක් සහ ඔහුගේ නැගණිය රළ පහරකට හසුවීමෙන් අද දහවල් මිය ගොස් ඇත.
පොලිසිය සදහන් කරන්නේ ,ප්‍රදීපාගාරය අසල ඔවුන් දෙදෙනා ගල් පරයක් මත වැඩි වී සිටියේදී මෙලෙස රළ පහරට හසුවී ගසා ගෙන ගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12, කුමාර දොරටුවේ පදිංචි කරුවන් වන අතර මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි සහෝදරයා සහ 24 හැවිරිදි ඔහුගේ නැගණිය යි.
දියේ ගිලි සිටි දෙදෙනා ප්‍රදීපාගාරයේ බෝට්ටු මගින් බේරුවල රෝහලට ගෙන ආ අතර රෝහලට ඇතුලත් කරන විටත් ඔවුන් මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.
මේ වන විට ඔවුන්ගේ සිරුරු බේරුවල රෝහලේ තැන්පත් කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1