අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බෙල්ජියම් පුටු නතර වේ..!

බෙල්ජියම් පුටු නතර වේ..!

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයට පුටු මිලදී ගැනීම අවලංගු කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. ඔහු මේ බව අද (13) පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගියදා…

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයට පුටු මිලදී ගැනීම අවලංගු කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව අද (13)  පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගියදා  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ රුපියල්  644,000ක් වටිනා  පුටු 104 ක් මිලදී ගැනීමට ගෙන ඇති ක්‍රමප්‍රසම්පාදන ක්‍රියාවලියේ  ඇති අක්‍රමිකතා පිළිබඳවය.

මේ අනුව බෙල්ජියමෙන් පුටු මිලදී ගැනීම අත්හිටුවා ඒ  වෙනුවට දේශිය සමාගමකින්  පුටු මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බෙල්ජියම් පුටු නතර වේ..! | Lanka Newsweek