බෙන්තොට මුහුදු වෙරළේ මත්දව්‍ය පාර්සලයක්..!

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බෙන්තොට මුහුදු වෙරළේ තිබියදී මත්දව්‍ය අඩංගු පාර්සලයක් බෙන්තොට පොලීසිය විසින් අඟහරුවාදා (18) උදෑසන සොයාගෙන තිබේ. බෙන්තොට සෙන්තාරා හෝටලය පිටුපස මුහුදු වෙරළේ මෙම පාර්සලය තිබූ…
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)
බෙන්තොට මුහුදු වෙරළේ තිබියදී මත්දව්‍ය අඩංගු පාර්සලයක් බෙන්තොට පොලීසිය විසින් අඟහරුවාදා (18) උදෑසන සොයාගෙන තිබේ. බෙන්තොට සෙන්තාරා හෝටලය පිටුපස මුහුදු වෙරළේ මෙම පාර්සලය තිබූ බව බෙන්තොට පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත බෙන්තොට පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා විසින් මෙම පාර්සලය පරීක්ෂාකර බලා පොලීසියේ බාරයට ගෙන ඇත. අඟහරුවාදා (18) පෙ.ව 7.40 ට පමණ මෙම පාර්සලය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම පාර්සලය කිලෝ ග්‍රෑම් 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් යුක්ත බවත් එය මුහුදු වෙරළේ පාවී ආ එකක් බවට විශ්වාස කල හැකි බවත් බෙන්තොට පොලීසිය කියයි. මෙම පාර්සලය ජලයෙන් හානි නොවන පරිද්දෙන් හොදින් ආවරණය කර තිබූ බවත් මුහුදේ ගමන් කරන බහුදින යාත්‍රාවකින් ලබාගෙන කුඩා බෝට්ටුවක් මගින් ගොඩබිමට ගෙන එන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් බෙන්තොට පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම මත්දව්‍ය පාර්සලය ඉදිරි විමර්ශණ කටයුතු සදහා පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයට බාරදෙන බවද බෙන්තොට පොලීසිය කියයි.