අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බෙන්තරට වතුර දෙන්න ගයන්ත-හකීම් සැරසෙයි.

බෙන්තරට වතුර දෙන්න ගයන්ත-හකීම් සැරසෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ බෙන්තර ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටළුවක්ව පවතින ජල ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් විශේෂ සකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් හා…

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ බෙන්තර ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටළුවක්ව පවතින ජල ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් විශේෂ සකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලි‌‌මේන්තු සංකීරණයේදී පැවැත්විණ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ජල පවිත්‍රාගාරයේ ජල සැපයුම ඝන මීටර් 30,000 කින් වැඩි කලහොත් මෙම ප්‍රදේශයට අඛණ්ඩව ජලය සැපයිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් මෙහිදී ප්‍රකාශ කළහ.

කළුතර ජල පවිත්‍රාගාරයේ සිට බේරුවල දක්වා ජලය සැපයෙන අතර බෙන්තර ප්‍රදේශය කඳු ආශ්‍රිතව ඇති නිසා දැනට එලා ඇති පැරණි නලවලින් ජලය ගෙන යාමට අපහසු වී ඇති අතර

මතුගම අගලවත්තල නව ජල යෝජනා ක්‍රමයේ කටයුතු 2019 වසරේ අවසන් කිරීමෙන් පසු බෙන්තරල ඇල්පිටිය ප්‍රදේශයට ජල සැපයීම නිසි අයුරින් කළ හැකිවන බවද මෙහිදී අනාවරණය කෙරිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බෙන්තරට වතුර දෙන්න ගයන්ත-හකීම් සැරසෙයි. | Lanka Newsweek