බුදුන් වදිමින් සිටී කාන්තාව ඝාතනය කළ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) ඌරගස්මන්හන්දිය, කොරකීන ප‍්‍රදේශයේ නිවසක බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතළ තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින්…
(ජයකාන්ත ලියනගේ)
ඌරගස්මන්හන්දිය, කොරකීන ප‍්‍රදේශයේ නිවසක බුදු පහන තැබීමට සූදානම් වූ කාන්තාවකගේ අතට හා හිසට කඩුවකින් කොටා ඇය ඝාතනය කර ඇයගේ මවටද බරපතළ තුවාල සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 නොවැම්බර් මස 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා පෙරේදා (17) නියෝග කළේය.
සැකකරු, මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සදහා බන්ධනාගාරය මගින් ගාල්ල, බන්ධනාගාර මානසික රෝහලට යොමුකර තිබෙන බවත් සැකකරු දැනට බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය . වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සැකකරුට එරෙහි චෝදනා සංශෝධනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමටද ඌරගස්මන්හන්දිය පොලිසිය මෙහිදී කටයුතු කළේය.
දැන්වීම
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් මීළග නඩු දිනයේදී උසාවියට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා ඌරගස්මන්හන්දිය පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ යටගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි තොම්මයාහකුරු තුෂාර පේ‍්‍රම කුමාර (40) නොහොත් රන් මහත්තයා නැමැති අයයි.
ඌරගස්මන්හන්දිය, කොරකීන ප‍්‍රදේශයේ පදිංචිව සිටි සජීවනී ප‍්‍රියංකා රත්නායක (39) නැමැති තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. සීතා රත්නායක (65) වන ඇයගේ මවටද සැකකරු කඩුවෙන් කොටා බරපතල තුවාල සිදුකර තිබුණි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක නිරතව සිටින බවත් ඇයට වයස අවුරුදු 19 සහ 10 වයස් කාණ්ඩයන්හි දියණියන් දෙදෙනෙක් සහ අවුරුදු 03 ක පුතෙක් සිටින බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මියගිය කාන්තාවගේ හිසේ කැපුම් තුවාල 04 ක් හා අත් දෙකේම කැපුම් තුවාල තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එක් අතක ඇගිලි කොටස් මැණික් කටුව ලගින් සම්පූර්ණයෙන්ම වෙන්වී තිබූ බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
සැකකරු මීට වසර 1 1/2 කට පෙරදී මියගිය කාන්තාවගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.