අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..!

බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..!

බිම්ස්ටෙක් 5 වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (31) පිරිනමා තිබේ. නේපාලයේ කත්මන්ඩු නුවරදී බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ කෙරුණු අතර අද පැවති…

බිම්ස්ටෙක් 5 වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (31) පිරිනමා තිබේ.

නේපාලයේ කත්මන්ඩු නුවරදී බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ කෙරුණු අතර අද පැවති සමුළුවේ සමාප්ති අවස්ථාවේදී එහි නව සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.ඒ අනුව 5 වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව සභාපතිත්වය භාරගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ , පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙයවන බව ය.

බිම්ස්ටෙක් සමුළුව  බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලක් වන අතර එහි ප්‍රධාන අරමුණ වන්නේ ,බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීම යි.

මෙම සංවිධානය  1997 ජුනි මස තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු ස්ථාපනය කෙරුණු සංවිධානයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..! | Lanka Newsweek