අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බිඳ වැටුණු ආර්ථිකය නඟා සිටුවනවා

බිඳ වැටුණු ආර්ථිකය නඟා සිටුවනවා

(හේමන්ත තුසිත කුමාර) මේ වන විට බිඳ වැටී ඇති රටේ ආර්ථිකය නඟා සිටුවීමට ඉදිරි වසර කිහිපයේ දී ඇපකැප වන බව කියා සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදගස් දැක්වූ…

(හේමන්ත තුසිත කුමාර)

මේ වන විට බිඳ වැටී ඇති රටේ ආර්ථිකය නඟා සිටුවීමට ඉදිරි වසර කිහිපයේ දී ඇපකැප වන බව කියා සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදගස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. 

මම පොරොන්දු වුණා, පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙනයනවා කියලා. අපිට තෙල් නෑ, අපට ගෑස් නෑ, අපට ගල් අඟුරු නෑ. අපට තිබෙන්නේ ජලය, සුර්ය බලය, සුළං. මේ දේවල් හරහා අපේ බලශක්තිය අපි දියුණු කරන්නට ඕනෑ. යමෙකු කියනවා නම් නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්න කියලා, එය විහිලුවක්. ඒකට මම සුදානම් නෑ. අද ලෝකය ම එයින් ඔබ්බටයි යන්නේ. අපි එය සඳහා කැප වෙන්නට ඕනෑ. 

අද ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට විශේෂයෙන් ම මේ කඩාවැටිලා තියෙන සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කළ යුතුයි. විශාල ජන කොටසක් එයින් ජීවත් වෙනවා. විශාල විදේශ විනිමයක් අපට ලැබෙනවා. මේ සඳහා අපට කොවිඩ් පාලනය කර ගැනීම අවශ්‍යයි. ක්‍රමයෙන් දැන් විදේශිකයන් පැමිණීම ආරම්භ කරලා තියෙනවා. අපි අපේ ආර්ථිකය නඟාසිටුවීමට ඉදිරි වසර කිහිපය තුළ කැපවීමෙන් වැඩ කරනවා. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බිඳ වැටුණු ආර්ථිකය නඟා සිටුවනවා | Lanka Newsweek