අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක

බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා 2023 පෙබරවාරි මස 6 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ජනාධිපති…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා 2023 පෙබරවාරි මස 6 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා මෙරට තිරසර සංවර්ධනයට අදාලව සේම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය. 

බෑන් කී මූන් මහතා මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.

දැන්වීම

බැන්කි මූන් මහතා මෙරට දී ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙසය. මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට ද නියමිතය. එම ගිවිසුම් අනුව කොරියාව  සමඟ එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 07 දා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ලෙස බෑන් කී මූන් මහතා මීට පෙර  කිහිප වරක් මෙරටට පැමිණ තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක | Lanka Newsweek