අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැසිල් රාජපක්ෂ-ඇමරිකානු තානාපති රහස් හමුවක..!

බැසිල් රාජපක්ෂ-ඇමරිකානු තානාපති රහස් හමුවක..!

ජර්මන්-කැනඩා තානාපතිවරුනුත් ඇවිත්..! ගෝඨා ගැන ඇමරිකානු-කැනඩා-ජර්මානු ස්ථාවරය පැහැදිළි කෙරේ..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමරිකානු තානාපති රොබර්ට් හිල්ටන් මහතා ඇතුළු විදේශීය…

ජර්මන්-කැනඩා තානාපතිවරුනුත් ඇවිත්..!

ගෝඨා ගැන ඇමරිකානු-කැනඩා-ජර්මානු ස්ථාවරය පැහැදිළි කෙරේ..!

බැසිල් රාජපක්ෂ-ඇමරිකානු තානාපති රහස් හමුවක..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමරිකානු තානාපති රොබර්ට් හිල්ටන් මහතා ඇතුළු  විදේශීය තානාපතිවරුන් තිදෙනකු සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ රහස් සාකච්ඡාවක් සිදුව තිබේ.

එම විදේශීය තානාපතිවරුන් එහිදී ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සහ දේශපාලනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දැනුම් දී ඇත.

කොළඹ ප්‍රධාන පෙළේ තරු පහ හෝටලයකදී පසුගිය සඳුදා (30) රාත්‍රියේ මේ රහස් සාකච්ඡාව සිදුව තිබෙන අතර ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමරිකානු තානාපති රොබර්ට් හිල්ටන් මහතා සමග එම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජර්මානු සහ කැනඩා තානාපතිවරුන් ද එක්ව ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියා මාර්ග,එහි 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන භූමිකාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සූදානම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමරිකානු තානාපති රොබර්ට් හිල්ටන් මහතා ප්‍රධාන විදේශීය තානාපතිවරුන් දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති අතර ඊට අදාළව සිය ස්ථාවරය පැහැදිළි කරමින් එම තානාපතිවරුන් පෙන්වා දී ඇත්තේ එවැනි දේශපාලන ක්‍රියා මාර්ගයක් ගැනීම මේ මොහොතේ සුදුසු නොවන බවය.

දීර්ඝ කාලීන යුද්ධයකින් පසුව ශ්‍රී ලාංකීය ජන සමාජය ක්‍රම ක්‍රමයෙන්  ජාතිවාදී සහ ආගම්වාදී ආකල්පවලින් බැහැර වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,සාමය සහ මානව හිමිකම් ඇතුළු සංකල්පවලට අනුගත වෙමින් සිටීම අගය කර ඇති එම විදේශීය තානාපතිවරුන් ඒ වෙනුවෙන් වත්මන් රජය ගෙන යන යහ පාලන වැඩ පිළිවෙළට තව දුරටත් ඉඩ දිය යුතු යැයි ද අවධාරණය කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැසිල් රාජපක්ෂ-ඇමරිකානු තානාපති රහස් හමුවක..! | Lanka Newsweek