බැසිල් පාර්ශවයෙන් ගෝඨා පාර්ශවයේ මන්ත්‍රීන් “Bite” කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

විමල්-උදය-ඩලස්-මහින්දානන්ද අනාථ වෙලා..! (සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම්…
විමල්-උදය-ඩලස්-මහින්දානන්ද අනාථ වෙලා..!
(සුමුදු පෙරේරා)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.
මේ “Bite Call” ලැබෙමින් පවතින්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ටය.
බැසිල් රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන් මේ අයට දුරකථන ඇමතුම් ලබා දී අසන්නේ “ආ...මන්ත්‍රීතුමා,ඔයාට දැන් සතුටියි ද ? කෝ..විශ්වාස භංගය දිනන්න Numbers තියෙනවා ද ? එකනේ අපි කිව්වේ.දැන් ඉතිං සනීපයි නේ..” යනුවෙනි.
මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සංයුතිය ද බල තුලනයේ ස්වභාවය ද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වයන් ද ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ ක්‍රියා කළ හැකි ආකාරය ද අනුව මේ මොහොතේ මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම තරයේ කියා සිටිද්දී ඊට එරෙහිව විමල් වීරවංශලා මේ විශ්වාස භංග යෝජනාව කෙසේ හෝ ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීමත් එම විශ්වාස භංගයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජය ගත හැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබීමත් මතය.
මුල සිටම බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ ස්ථාවරය වූයේ මේ විශ්වාස භංග යෝජනාව මගින් සිදු වන්නේ පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබා ගත් ජයග්‍රහණය යට යන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙස පරාජයට පත් කිරීමට නොහැකි වුණොත් ඔහුත් එක්සත් ජාතික පක්ෂයත් තව තවත් ශක්තිමත් වන බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1