බැසිල්ගේ පොහොට්ටු වගකීම් සියල්ල නාමල්ට

"මහා මැතිවරණයේ දී පොහොට්ටුව ජයග්‍රහණය කරා මෙහෙය වනවා" අවස්ථාවාදී ලෙස ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ ඉදිරි මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙය…
"මහා මැතිවරණයේ දී පොහොට්ටුව ජයග්‍රහණය කරා මෙහෙය වනවා"
අවස්ථාවාදී ලෙස ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ
ඉදිරි මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙය වන බව එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධරණය කර සිටියි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශග තව සිටින බැවින් එම පක්ෂයේ සියලු වගකීම් භාර ගන්නේදැයි ජනමාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
අනෙකුත් දේශපාලන පක්ෂ වගේ අවස්ථාවාදී ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති සංශෝධනය නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසිය.