අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැඳුම්කර වාර්තාව පිළිතුරු නොමැති ප්‍රශ්නයක්..!

බැඳුම්කර වාර්තාව පිළිතුරු නොමැති ප්‍රශ්නයක්..!

“භය නැති අගමැති”නටකයේම කොටසක් දැයි සැකයි (අශන්ති වර්ණසුරිය) බැදුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිළිතුරු නොමැති බොහෝ ප්‍රශ්න තිබෙන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මාතර…

“භය නැති අගමැති”නටකයේම කොටසක් දැයි සැකයි

(අශන්ති වර්ණසුරිය)

බැදුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ  පිළිතුරු නොමැති බොහෝ ප්‍රශ්න තිබෙන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

බැදුම්කර වංචාව ගැන සෙවීමට බලය සහිත කොමිසමක් පත් කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාට ස්තුතිය පුද කරන බවත පවසන ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පවසන්නේ මේ වාර්තාවේ  පිළිගත නොහැකි කරුණු රාශියක් ඇති බවය.

දැන්වීම

කෙසේ නමුත් අවසන් වාර්තාවට අනුව තමාට  පුද්ගලිකව දැනෙන්නේ “බැදුම්කර ඔරුව” මව් ගංගාවට නොගොස් අතු ගංගාවකට ගමන් කරලීමට ඉඩ සලසා ඇති බව යැයි ද ඔහු  සදහන් කර සිටියි.

මේ සිද්ධියේදී හිටපු මුදල අමාත්‍ය රවී කරුණානායක මහතාට අත්ව තිබෙන ඉරණම ගැන අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ සියලුම කුණු බේරුවල බොක්කට කිව්වා එක් අයෙකුගේ   ග්‍රහයන් නීච කර තවත් ඇයගේ  ග්‍රහ දොස්  දුරලන සුමනදාස අබේගුණවර්ධනලා  හැම තැනම සිටින බව මතක තබා ගත යුතු බවය .

බැදුම් කර වාර්තාවේ පිළිතුරු නොමැති ප්‍රශ්න තියෙන නිසාම මේ සෙල්ලමත්  “භය නැති අගමැති” නාට්‍යයේම තවත්  එක්කොටසක් ද යන්න පිළිබඳව බරපතළ සැකයක් තිබෙන බව ද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැඳුම්කර වාර්තාව පිළිතුරු නොමැති ප්‍රශ්නයක්..! | Lanka Newsweek