අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැඳුම්කර වාර්තාව අද මන්ත්‍රීවරුන්ගේ අතට?

බැඳුම්කර වාර්තාව අද මන්ත්‍රීවරුන්ගේ අතට?

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වතාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (10) ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම…

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(සුජිත් මංගල ද සිල්වා)

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වතාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (10) ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම වාර්තාවේ පිටපත් සියලු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි කතානායක කරු ජයසුරිය මහතා ඊයේ (09) නියෝග කර තිබිණ.

දැන්වීම

මේ වාර්තාවේ පිටපත් වහාම ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ,අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම්වරයාගෙන්  ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඊයේ (09) සවස් වන විටත් එම පිටපත් ලැබී නොතිබිණ.

පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීම අද (10) උදේ 10.00 ට කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැඳුම්කර වාර්තාව අද මන්ත්‍රීවරුන්ගේ අතට? | Lanka Newsweek